E   |     |  

 දිනය: 2015-04-09   පිළිතුර ලබා දී ඇත 

4837/2015: වයඹ පළාත් සභාව මඟින් පාලනය කරනු ලබන රෝහල් : විස්තර

4837/’14

 

ගරු අශෝක් අබේසිංහ මහතා,— සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)       වයඹ පළාත් සභාව මගින් පාලනය කරනු ලබන රෝහල් සංඛ්‍යාව එක් එක් දිස්ත්‍රික්කය අනුව කොපමණද;

            (ii)       එම එක් එක් රෝහල සඳහා අනුමත වෛද්‍යවරු, හෙදියන්, රෝහල් කම්කරුවන් හා අනෙකුත් කාර්ය මණ්ඩල සාමාජික සංඛ්‍යාව කොපමණද;

  (iii)  එම එක් එක් රෝහලේ අනුමත කාර්ය මණ්ඩලයේ පවතින පුරප්පාඩු සංඛ්‍යාව කොපමණද;

යන්න වෙන් වෙන් වශයෙන් එතුමා සභාගත කරන්නෙහිද?

(ආ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-04-09

අසන ලද්දේ

ගරු අශෝක් අබේසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)     

 

 

01

කුරුණෑගල දිස්ත්‍රික්කය

 

101

 

මූලික රෝහල්

  4

 

 

දිස්ත්‍රික් රෝහල්

 42

 

 

ප්‍රාථමික සත්කාර ඒකක

 55

 

02

පුත්තලම් දිස්ත්‍රික්කය

 

   47

 

මූලික රෝහල්

   2

 

 

දිස්ත්‍රික් රෝහල්

 12

 

 

ප්‍රාථමික සත්කාර ඒකක

 33

 

              (ii)      ඇමුණුම  බලන්න.

             (iii)      ඇමුණුම  බලන්න. ඇමුණුම සභාගත* කරමි.

(ආ) පැන නොනඟී.  

 

පිළිතුරු දුන් දිනය

2015-06-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks