පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4809/’14
ගරු (අල්හාජ්) ඒ. එච්. එම්. අස්වර් මහතා,— ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවට අයත් කුගල ගම්මානයට සපයනු ලබන පානීය ජලය සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවත්;
(ii) මේ දක්වා සපයන ලද පානීය ජලයට යකඩ මිශ්‍ර වී ඇති බවට ජනතාව පවසන බවත්;
(iii) එම තත්ත්වය යටතේ මේවන විට ඔවුන්ට රු. 35.00 ක් ගෙවා එක් පානීය ජල භාජනයක් (බූලියක්) මිලදී ගැනීමට සිදුවී ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) කුගල ගම්මානයේ පානීය ජලය සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්ත්වය කඩිනමින් විසඳීමට කටයුතු කරන්නේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-07-22
අසන ලද්දේ
ගරු ඒ.එච්.එම්. අස්වර් මහතා, පා.ම.
අමාත්‍යාංශය
ජලසම්පාදන හා ජලාපවාහන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) බැක්ටීරියානු ගුණාත්මක භාවයේ ගැටලුවක් නොපවතින අතර, ඇතැම් නියං කාලවල රසායනික සංයුතියේ ගැටලු මතු වේ.
(ii) ඇතැම් නියං කාලවලදී භූගත ජලයේ යකඩ ප්‍රතිශතය වැඩි වන නමුත් වර්ෂාව සමඟ එම තත්ත්වය අඩු වේ.
(iii) බෙදා හරිනු ලබන පානීය ජලය ක්ලෝරීන් යොදා බැක්ටීරියා හරණයෙන් ආරක්ෂිතව සාමාන්‍ය ගාස්තු යටතේ ලබා දේ.
(ආ) ඔව්. කෙටි කාලීන විසඳුමක් ලෙස නිරතුරුවම ජලයේ රසායනික සංයුතිය පරීක්ෂා කිරීමත්, යකඩ හා මැන්ගනීස් වැඩි අවස්ථාවලදී නල ළිං පිරිසිදු කිරීමට සහ තාවකාලිකව බවුසර් මඟින් නොමිලයේ ජලය සැපයීමට විධිවිධාන යොදා ඇත.
ස්ථිරසාර විසඳුමක් ලෙස ආසියානු සංවර්ධන බැංකු පස්වන ව්‍යාපෘතිය (වියළි කලාපීය ජල හා සනීපාරක්ෂක ව්‍යාපෘතිය) මඟින් පානීය ජලය ලබා දීමට අවශ්‍ය සියලු විධිවිධාන යොදා ඇති අතර, එම ව්‍යාපෘතිය 2016 වසර අවසන් වීමට ප්‍රථම නිම කිරීමට සැලසුම් කර ඇත.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2014-07-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks