01

E   |     |  

 දිනය: 2014-07-10   පිළිතුර ලබා දී ඇත 

4808/2014: පෙරියමඩු ප්‍රදේශයේ වල් අලි ප්‍රහාර : ක්‍රියා මාර්ග

4808/’14

ගරු (අල්හාජ්) ඒ. එච්. එම්. අස්වර් මහතා,— වනජීවී සම්පත් සංරක්ෂණ  අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       මන්නාරම දිස්ත්‍රික්කයේ, පෙරියමඩු කෘෂි කාර්මික ගම්මානයේ කෙසෙල්, පොල් හා වෙනත් බෝග වගාවන්ට වන අලි ප්‍රහාර හේතුවෙන් හානි සිදුවන බවත්;

  (ii)  එම ගම්මානයේ ජනතාව වන අලි ප්‍රහාර හේතුවෙන්  බියෙන් ජීවත්වන බවත්;

එතුමා දන්නෙහිද?

(ආ)  පෙරියමඩු ගම්වාසීන්ට වන අලි ප්‍රහාර නිසා මුහුණපෑමට සිදුවී ඇති භයානක තත්ත්වය නැති කිරීමට අවශ්‍ය කටයුතු කරන්නේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ)  නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-07-10

අසන ලද්දේ

ගරු ඒ.එච්.එම්. අස්වර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

වනජීවී සම්පත් සංරක්ෂණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      මන්නාරම දිස්ත්‍රික්කයේ පෙරියමඩු කෘෂිකර්ම ගම්මානයේ වන අලි හානි සිදු වන බැවින් එය අවම කර ගැනීම සඳහා පහත ක්‍රියා මාර්ග ගෙන ඇත.

                 *      වන අලි පළවා හැරීම හා වන අලි විසින් මහජනතාවගේ දේපල හා වගාවලට සිදු කරන හානි අවම කිරීම සඳහා අලි වෙඩි බෙදා දීම, වන අලි පළවා හැරීම, අවශ්‍ය අවස්ථාවලදී අලි අල්ලා ඉවත් කිරීම සහ දේපල, ජීවිත හා ශාරිරීක හානි සඳහා වන්දි ගෙවීම මෙන්ම ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම.

* හඳුනාගත් ගම්වල විදුලි වැට ඉදි කිරීම. (වවුනියා දිස්ත්‍රික්කයේ කැලෑබෝගස්වැව ගම්මානය ආවරණය වන පරිදි කි.මී. 27.3 සැලසුම් කර ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇති අතර එයින් දැනට කි.මී. 9ක් අවසන් කර ඇත.)

* උතුරු ප්‍රදේශයේ අලින් දැනට වාසය කරන ප්‍රදේශ හා අලින් සංක්‍රමික මාර්ග -අලිමංකඩ- හඳුනා ගෙන ඒවා ආරක්ෂා කිරීමට කටයුතු කිරීම.

* අලි මිනිස් ගැටුම් පවතින ගම්මාන හඳුනා ගෙන ගම්මාන ආවරණය වන පරිදි විදුලි වැට සැලසුම් කිරීම හා ඉදි කිරීමට පියවර ගැනීම.

(ii) එම ප්‍රශ්න නිරාකරණය කර ගැනීම සඳහා ඉහතින් සඳහන් කර ඇති පියවර මේ වන විටත් ගෙන ඇත.

(ආ) ඉහත පරිදි අවශ්‍ය කටයුතු කරනු ලැබේ.

(ඇ) අදාළ නැත.

පිළිතුරු දුන් දිනය

2016-07-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු විජිත් විජයමුණි සොයිසා මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks