පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4801/’14
ගරු අශෝක් අබේසිංහ මහතා,— සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) දිවයින පුරා සේවය කරනු ලබන පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ සමස්ත සංඛ්‍යාව කොපමණද;
(ii) දීප ව්‍යාප්ත සේවය සඳහා අවශ්‍ය පවුල් සෞඛ්‍ය සේවිකාවන් සංඛ්‍යාව කොපමණද;
(iii) හෙද කාර්ය මණ්ඩලයට සූතිකා පුහුණුව ලබාදීම සඳහා ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබේද;
(iv) සූතිකා පුහුණුව ලබාදීමට අදාළව හෙද හා පවුල් සෞඛ්‍ය සේවිකාවන් අතර ඇති වී තිබෙන ගැටලුව විසඳීමට ක්‍රියාමාර්ග ගන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-04-07
අසන ලද්දේ
ගරු අශෝක් අබේසිංහ මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 8,425කි.
(ii) සිටිය යුතු සංඛ්‍යාව - 10,935කි.
(iii) නියමිත සූතිකා පුහුණු බඳවා ගැනීමේ පරිපාටියට අනුව සුදුසුකම් ලද හෙද කාර්ය මණ්ඩලයට දැනටමත් වසර ගණනාවක සිට සූතිකා පුහුණුව ලබා දෙනු ලැබේ.
(iv) ඔව්.
මේ සම්බන්ධයෙන් මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුවේ වාර්තාව,
2014.08.28 දිනැති අමාත්‍ය මණ්ඩල සංදේශය මඟින් අමාත්‍ය මණ්ඩලඅනුමැතියට ඉදිරිපත් කරන ලදී. ඊට අදාළව 2014.09.30 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹ ඇති තීරණය ක්‍රියාත්මක කිරීම සඳහා කමිටුවක් පත් කරන ලදුව දැනටමත් මේ පිළිබඳව සාකච්ඡා කරමින් පවතී.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2015-06-10
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks