පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4782/’14
ගරු අශෝක් අබේසිංහ මහතා,— සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇති සමස්ත රෝහල්වල පවත්වා ගෙන යනු ලබන ආපන ශාලා හා රථ ගාල් සංඛ්‍යාව කොපමණද;
(ii) එම ආපන ශාලා හා රථ ගාල් සඳහා ටෙන්ඩර් කැඳවීමේ බලතල සතුව ඇති ආයතන හෝ පාර්ශ්ව කවරේද;
(iii) එම බලතල මධ්‍යම රජය හෝ පළාත් සභාව සතු නම්, රජයේ ආයතනවල ආපන ශාලා හා රථ ගාල් සඳහා ටෙන්ඩර් කැඳවීමේදී අනුගමනය කරනු ලබන ක්‍රමවේදයම එකී රෝහල් සඳහා ද අනුගමනය කරනු ලබන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-03-06
අසන ලද්දේ
ගරු අශෝක් අබේසිංහ මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) ආපන ශාලා සංඛ්‍යාව 18
රථගාල් සංඛ්‍යාව 07
(ii) කුරුණෑගල ශීක්ෂණ රෝහලේ ආපනශාලාව සමුපකාර ආපනශාලාවක් වන අතර, ටෙන්ඩර් කැඳවීම සමූපකාර කොමසාරිස්ගේ අනුමැතිය අනුව සිදු කෙරේ. පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව යටතේ ඇති රෝහල්වල ආපනශාලා හා රථගාල් සඳහා දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ යටතේ අදාළ ආයතන ප්‍රධානියා විසින් ටෙන්ඩර් කැඳවීම සිදු කරයි.
(iii) ඔව්.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2015-03-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks