E   |     |  

 දිනය: 2015-03-03   පිළිතුර ලබා දී ඇත 

4776/2015: සුව දිවි මධ්‍යස්ථාන : විස්තර

4776/’14

 

ගරු අශෝක් අබේසිංහ මහතා,— සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       ප‍්‍රජා සෞඛ්‍ය නගා සිටුවීම සඳහා මෙතෙක් පිහිටුවා ඇති “සුව දිවි මධ්‍යස්ථාන” සංඛ්‍යාව කොපමණද;

            (ii)       ඒවා අතරින් දැනට ක‍්‍රියාත්මක මධ්‍යස්ථාන සංඛ්‍යාව කොපමණද;

(iii) කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ පිහිටුවා ඇති සුව දිවි මධ්‍යස්ථාන සංඛ්‍යාව කොපමණද;

(iv) දැනට කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ක‍්‍රියාත්මක වන එකී මධ්‍යස්ථාන සංඛ්‍යාව  කොපමණද;

(v) මහනුවර දිස්ත‍්‍රික්කයේ පිහිටුවීමට ඉලක්ක ගත සුව දිවි මධ්‍යස්ථාන සංඛ්‍යාව කොපමණද;

(vi) දැනට එම දිස්ත්‍රික්කය තුළ ක‍්‍රියාත්මක වන සුව දිවි මධ්‍යස්ථාන සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) සුව දිවි මධ්‍යස්ථානවල ප්‍රමාණවත් සායන සංඛ්‍යාවක් පවත්වනු ලබන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-03-03

අසන ලද්දේ

ගරු අශෝක් අබේසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      774යි.

              (ii)      742යි.

             (iii)      99යි.

             (iv)      98යි.

              (v)      46යි.

             (vi)      27යි.

(ආ)     සෑම සුව දිවි මධ්‍යස්ථානයක්ම සතියකට එක් දවසක් සායන කටයුතු පවත්වයි. මීට අමතරව කාර්යාල සහ ජංගම සුව දිවි සායන අවශ්‍ය පරිදි සිදු කරනු ලැබේ.

(ඇ)      පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2015-03-03

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks