01

E   |     |  

 දිනය: 2014-11-17   පිළිතුර ලබා දී ඇත 

4681/2014: CHOGM- Zoo in Battaramulla

4681/’13

 

ගරු පී. හැරිසන් මහතා,— උද්භිද උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      දෙහිවල සත්වෝද්‍යානයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් පසුගිය වර්ෂ පහ තුළදී වෙන් කරනු ලැබූ මුදල කොපමණද;

             (ii)      එම සත්වෝද්‍යානයේ සිටින සත්ව වර්ග සංඛ්‍යාව කොපමණද;

(iii) එහි භූමි ප්‍රමාණය කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?        

 

(ආ) (i) පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළු (CHOGM) ගම්මානය සඳහා ‍‍දෙහිවල සත්වෝද්‍යානයෙන් ගෙන යනු ලැබූ සතුන් එහිදී මිය ගොස් ඇත්නම්, එසේ මිය ගොස් ඇත්තේ දේශිය සතුන්ද; නැතහොත්, විදේශීය සතුන්ද;

(ii) එම ගම්මානයට ගෙන්වනු ලැබූ පක්ෂී විශේෂ සංඛ්‍යාව කොපමණද;

(iii) එම ගම්මානය වෙත ගෙන එනු ලැබූ සතුන් හෝ පක්ෂීන් අතරින් ආබාධිත තත්ත්වයට පත් වූ සංඛ්‍යාව කොපමණද;

(iv) එම සතුන් වර්ග කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-11-17

අසන ලද්දේ

ගරු පී. හැරිසන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

උද්භිද උද්‍යාන හා පොදු විනෝදාත්මක

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks