01

E   |     |  

 දිනය: 2014-10-31   පිළිතුර ලබා දී ඇත 

4675/2014: HIV infected persons

4675/’13

 

ගරු පී. හැරිසන් මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       මේ වන විට  රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ගනු ලබන සමස්ත HIV  ආසාදිතයින් සංඛ්‍යාව  කොපමණද;

            (ii)       එම සංඛ්‍යාව දිස්ත්‍රික්ක අනුව, වෙන් වෙන් වශයෙන් කොපමණද;

  (iii)  රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ගනු ලබන HIV  ආසාදිතයින්ගේ අනන්‍යතාව ආරක්ෂා කිරීමට වැඩපිළිවෙළක් තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?      

(ආ)  (i)  සමාජීය ප්‍රශ්න නිසා HIV ආසාදිතයින් ප්‍රතිකාර ලබා නොගෙන සිටින බව දන්නේද;

  (ii)  එවැනි රෝගීන් හඳුනාගෙන ප්‍රතිකාර ලබා දීමේ වැඩපිළිවෙළක් තිබේද;

  (iii)  එසේ නම්, එම වැඩපිළිවෙළ කවරේද;

  (iv)  HIV ආසාදිතයින්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා වන පරිදි ඊට අදාළ පරීක්ෂාවන්  කර ගැනීමට ස්ථාන තිබේද; 

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?        

(ඇ)  (i)  ශ්‍රී ලංකාවේ පෞද්ගලික රෝහල්වල HIV ආසාදිතයින්ට ප්‍රතිකාර කරනු ලබන්නේද;

  (ii)  එසේ නම්, HIV ආසාදනය ව්‍යාප්තවීම අඩු කිරීමට එම රෝහල්වල ඇති පහසුකම් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පරීක්ෂාවට ලක්වන්නේද;

  (iii)  විදේශීය සංචාරකයින්ගෙන් HIV ආසාදනයවීම වළක්වාලීමට රජය ගෙන ඇති පියවර කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?        

(ඈ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-10-31

අසන ලද්දේ

ගරු පී. හැරිසන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks