පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4666/’13
ගරු අකිල විරාජ් කාරියවසම් මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවට ඖෂධ ගෙන්වීමේදී ඖෂධ තෝරා ගැනීමේ ක්‍රියා පටිපාටියක් පවතින්නේද;
(ii) එසේ නම්, ඒ කවරේද;
(iii) ඖෂධ ගෙන්වීම සඳහා මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි කර ඇති සමාගම් කවරේද;
(iv) එම සමාගම් හරහා ගෙන්වන ඖෂධ ශ්‍රී ලංකාව තුළ දී තත්ත්ව පරීක්ෂාවකට ලක් කරන්නේද;
(v) එසේ නම්, එය සිදු කරනු ලබන්නේ කෙසේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) ශ්‍රී ලංකාවට ගෙන්වනු ලබන ඖෂධ වර්ගවල කල් ඉකුත්වීමේ දිනය නිර්ණය කිරීමේ දී අනුගමනය කරන ක්‍රියා පිළිවෙත කවරේද;
(ii) ඖෂධ වර්ග ආනයනය කිරීම ඒවායේ නිෂ්පාදිත දින සිට කවර කාල සීමාවක් තුළ සිදු කළ යුතු වන්නේද;
(iii) පසුගිය කාලය පුරාම රජයේ රෝහල්වලින් කල් ඉකුත් වූ ඖෂධ හමුවීම් වාර්තා වීමට හේතු කවරේද;
(iv) පසුගිය වර්ෂය තුළ කල් ඉකුත්වීම නිසා රජයේ රෝහල්වලින් ඉවත් කරන ලද ඖෂධ ප්‍රමාණය සහ එහි වටිනාකම කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-06-05
අසන ලද්දේ
ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය වන ජාතික විලවුන්, වෛද්‍ය උපකරණ හා ඖෂධ නියාමන අධිකාරිය මඟින් ආනයනය කරන හෝ දේශීයව නිපදවන සියලු ඖෂධ ලියා පදිංචිය සිදු කෙරේ. දේශීය නියෝජිතයකු හරහා ඖෂධ නිෂ්පාදන ආයතනය පිළිබඳ විස්තර ලබාගෙන ඇගයීමකට ලක් කෙරේ. නිෂ්පාදකයාගේ නිෂ්පාදනාගාරය සහ නිෂ්පාදනය එම රට තුළ ලියා පදිංචිය ලබා ඇත්ද, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමත ප්‍රමිතීන්ට අනුව නිෂ්පාදනාගාරයේ යහපත් නිෂ්පාදන ක්‍රියාවලියක් අනුගමන කරන්නේද, එම නිෂ්පාදන වෙනත් රටවලට අපනයනය කරන්නේද යන කරුණු සලකා නිෂ්පාදකයා අනුමත කරනු ලැබේ. එසේම ඖෂධයේ ගුණාත්මක බව, ආරක්ෂාකාරි බව හා කාර්යක්ෂමතාව ආදි කරුණු රාශියක් සලකා බලන අතර, ඇගයීමට ලක් කරන ඖෂධ විශේෂඥ වෛද්‍ය මණ්ඩලයකින් සමන්විත ඖෂධ අනුකමිටුවට ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමෙන් පසු ලියා පදිංචි කෙරේ.
(iii) දැනට සමාගම් 168ක් ලියා පදිංචි වී තිබේ. එකී තොරතුරු ඇමුණුමෙහි සඳහන් වෙයි. ඇමුණුම සභාගත* කරමි.
(iv) ඔව්.
(v) සියලු ඖෂධ ආනයනය කරන සෑම අවස්ථාවේදීම රසායනාගාර පරීක්ෂාවන්ට ලක් කිරීම ලෝකයේ කිසිදු රටක පවතින ප්‍රායෝගික ක්‍රියාවලියක් නොවන අතර, ලියා පදිංචි කරන අවස්ථාවේදී රජයේ/පෞද්ගලික වෛද්‍ය ආයතනවලින් සහ රජයේ/පෞද්ගලික ඔසුසැල්වලින් පැමිණිලි ලද විට එම නියැදි ගෙන්වාගෙන ජාතික ඖෂධ තත්ත්ව ආරක්ෂණ රසායනාගාරයෙහි තත්ත්ව පරීක්ෂාවන්ට ලක් කෙරේ. තවද, ජාතික ඖෂධ තත්ත්ව ආරක්ෂණ රසායනාගාරය වෙළඳ පොළෙන් අහඹු ලෙස මිලදී ගත් ඖෂධ නියැදි තත්ත්ව පරීක්ෂාවන්ට භාජනය කරනු ලැබේ.
(ආ) (i) ඖෂධය නිර්දේශිත ගබඩා තත්ත්වයන් යටතේ, ගුණාත්මක බවට, ආරක්ෂාකාරි බවට සහ කාර්යක්ෂමතාවට හානි නොවන ලෙස පවතින කාලය අනුව කල් ඉකුත් වීමේ දිනය නිර්ණය කෙරේ. ඖෂධයක් ලියා පදිංචි කිරීමේදී නිෂ්පාදකයා විසින් ඉදිරිපත් කරන ස්ථායිතාව පිළිබඳ දත්ත ඇගයීමකට ලක් කෙරේ. ඒ අනුව කල් ඉකුත් වීමේ දිනය තීරණය කරන අතර, මෙය ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් අනුමත කර ඇති ක්‍රියා පිළිවෙතයි.
(ii) මෙරටට ඖෂධ ආනයනය කිරීමේදී මුළු ආයු කාලයෙන් 3/4ක් වත් ඉදිරියට ඉතිරිව තිබිය යුතුය. මෙය ශ්‍රී ලංකා රේගුව සහ ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව විසින් රට තුළට ඖෂධ පැමිණීමේදී පරීක්ෂා කෙරේ. ජාතික විලවුන්, වෛද්‍ය උපකරණ හා ඖෂධ නියාමන අධිකාරිය විසින් ඖෂධයේ ලියා පදිංචි සහතිකයේ එහි ආයු කාලය දක්වා ඇත. වර්තමානයේ ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුවෙන් නියමිත ආයු කාලයට වඩා අඩු ආයු කාලයක් සහිත ඖෂධ වරායෙන් නිදහස් කර ගැනීමට අවසර පත් නිකුත් නොකෙරේ.
(iii) ඇස්තමේන්තුගත පරිභෝජන ශීඝ්‍රතාවයට අනුකුලව, ශේෂ ජීව කාලය තුළ භාවිතයේ යෙදවිය හැකි ප්‍රමාණවලින් පමණක් ඖෂධ ආයතන වෙත නිකුත් කරන අතර, පරිභෝජන රටාවේ පහත වැටීම සහ නවීන ඖෂධ හඳුන්වා දීම හේතුවෙන් පරිභෝජන ශීඝ්‍රතාවයේ සිදු වන හදිසි විචලනය ඖෂධ අභාවිත වීමට හේතු විය හැක. තවද, අත්‍යවශ්‍ය ජීවිතාරක්ෂණ අයිතමවල ආරක්ෂිත තොගයක් හදිසි අවශ්‍යතාවයන් සඳහා නිරතුරුවම රෝහල්වල පවත්වා ගත යුතු හෙයින් ඒවායේ හදිසි අවශ්‍යතා පැන නොනැඟුණහොත් එම තොග අභාවිත වන හෙයින් එවැනි ඖෂධ රෝහල්වල අභාවිත වීමේ ප්‍රවණතාවය වැඩි වේ.
(iv) ශ්‍රී ලංකාවේ මධ්‍යම රජය යටතේ පාලනය වන රෝහල් සහ පළාත් සභා යටතේ පාලනය වන රෝහල් වෙන් වෙන්ව විමධ්‍යගත පරිපාලනයක් තුළ කටයුතු කරන බැවින් එම රෝහල් තුළ කල් ඉකුත් වූ ඖෂධ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වීම සිදු නොවේ.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2014-06-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගරු ලලිත් දිසානායක මහතා, පා.ම., මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks