01

E   |     |  

 දිනය: 2014-10-21   පිළිතුර ලබා දී ඇත 

4640/2014: Import of Agrochemicals - Companies

4640/’13

 

ගරු පී. හැරිසන් මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       කෘෂි රසායන ද්‍රව්‍ය ආනයනය සඳහා ශ්‍රී ලංකාවේ ලියාපදිංචි වී ඇති සමාගම් සංඛ්‍යාව කොපමණද;

            (ii)       ඉහත සමාගම් අතරින් කෘෂි රසායන ද්‍රව්‍ය මහා පරිමාණයෙන් ආනයනය කරන ආයතන කවරේද;

  (iii)  මේ වන විට ශ්‍රී ලංකාවට ආනයනය කිරීම තහනම් කරනු ලැබ ඇති  කෘෂි රසායන වර්ග සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ)  (i)  ඉහත සමාගම්වල නම්,  ලිපිනයන් හා ලියාපදිංචි වූ දිනයන්;

  (ii)  තහනමට ලක්වන තෙක් එම කෘෂි රසායන ද්‍රව්‍ය මෙරටට ගෙන්වනු ලැබූ සමාගම්වල නම්; 

  (iii)  තහනම් කරන ලද කෘෂි රසායන ද්‍රව්‍ය ලංකාවට ගෙන්වීම නිසා අසාධු ලේඛනගත (Black list) කර ඇති ආයතනවල නම්;

එතුමා සභාගත කරන්නෙහිද? 

(ඇ)  (i)  අසාධු ලේඛනගත කිරීමට ලක්වූ ආයතනවල අධ්‍යක්ෂවරුන් වෙනත් නම්වලින් ආයතන ලියාපදිංචි කර ඇති බව දන්නේද;

  (ii)  එසේ නම්, ඒ අය සම්බන්ධයෙන් ගනු ලබන නීතිමය පියවර කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?        

(ඈ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-10-21

අසන ලද්දේ

ගරු පී. හැරිසන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks