01

E   |     |  

 දිනය: 2014-08-20   පිළිතුර ලබා දී ඇත 

4621/2014: Laser Equipment to identify treasures

4621/’13

 

ගරු සුජීව සේනසිංහ මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

 (අ)      ලේසර් කිරණ භාවිතයෙන් භූගතව පවතින නිදන් වස්තු නිරීක්ෂණය කළ හැකි යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට ගෙන්වා ඇති බවත්, එය පොලිස් අත්අඩංගුවට පත් වූ බවත් එතුමා දන්නෙහිද?

(ආ)        (i)       එම යන්ත්‍රය ගෙන්වීම සඳහා ආරක්ෂක ක්ෂේත්‍රයේ ප්‍රබල අයෙකුගේ මැදිහත්වීමක් සිදු වී තිබේද;

  (ii)  එසේ නම්, එම පුද්ගලයාගේ නම කවරේද;

  (iii)  මෙම ආරක්ෂක ක්ෂේත්‍රයේ ප්‍රබල තැනැත්තාගේ මැදිහත්වීම හේතුවෙන් එම යන්ත්‍රය පිළිබඳ පරීක්ෂණ නවතා දමා තිබේද;

  (iv)  නොඑසේ නම්, එම පරීක්ෂණවල වත්මන් තත්ත්වය කවරේද; 

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?        

(ඇ)  (i)  එම ‍ලේසර් යන්ත්‍රය ආනයනය කර ඇති රට කවරේද;

  (ii)  ඒ සඳහා වැය කර ඇති මුදල කොපමණද;

  (iii)  ඉහත (අ) හි සඳහන් යන්ත්‍රයට අමතරව මෙරටට ගෙන්වා ඇති එවැනි යන්ත්‍ර සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?      

(ඈ)  (i)  ඉහත සඳහන් යන්ත්‍රය හෝ යන්ත්‍ර ගෙන්වීම හේතුවෙන්  භූගතව පවතින නිදන් වස්තුවල ආරක්ෂාව සඳහා යම්කිසි බලපෑමක් ඇති විය හැකි බව පිළිගන්නේද;

  (ii)  එසේ නම්, ඊට අදාළව මේ වන විට ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;  

යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?        

(ඉ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-08-20

අසන ලද්දේ

ගරු නීතිඥ අර්ජුන සුජීව සේනසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍ය කාර්යාලය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks