පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4605/’13
ගරු ජෝන් අමරතුංග මහතා,— ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2009 අප්‍රේල් 07 දිනැති අංක 1596/12 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ මුද්‍රණය කර ඇති විධිවිධාන මගින් 1950 අංක 09 දරන ඉඩම් අත්පත් කර ගැනීමේ පනතෙහි 63(1) සිට 63(4) දක්වා වගන්ති උල්ලංඝනය කර තිබේද;
(ii) ඉහත විධිවිධාන අනුගම්‍ය වන්නේද, නැතහොත් නීතිමය බලයක් තිබේද;
(iii) ඉහත විධිවිධාන පාර්ලිමේන්තුවේ සම්මත කර ඉහත පනතේ 63(3) වගන්තියට අනුකූලව සකස් කර තිබේද;
(iv) ඒවා නීති විරෝධී සහ අවලංගු විධිවිධානද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) ඉඩම් අත්පත් කර ගැනීමේ පනතේ 63(3) වගන්තියේ දක්වා ඇති ආකාරයට පාර්ලිමේන්තු අනුමතිය ලබා ගැනීම අනිවාර්ය වූවත්, එය නොසලකා හැර මෙහි (අ)(i)හි සඳහන් විධිවිධාන නීත්‍යානුකූල නොවන ආකාරයට ගැසට් පත්‍රයේ මුද්‍රණය කර ඇති බවත්;
(ii) පොදු අවශ්‍යතා සඳහා අත්පත් කර ගන්නා ඉඩම්වලට වෙළඳපොළ වටිනාකම ලබා ගැනීමට තිබෙන අයිතිය ඉහත විධිවිධාන මගින් අහිමි කර හා ප්‍රතික්ෂේප කර තිබෙන බවත්;
එතුමා දන්නෙහිද?
(ඇ) 2009 අප්‍රේල් 07 දිනැති අංක 1596/12 දරන ගැසට් නිවේදනයෙන් පනවන ලද විධිවිධාන අවලංගු කර නව ගැසට් නිවේදනයක් නිකුත් කරන්නේද යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-03-04
අසන ලද්දේ
ගරු ජෝන් අමරතුංග මහතා, පා.ම.
අමාත්‍යාංශය
ඉඩම් හා ඉඩම් සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) නැත.
(ii) නීතිමය බලයක් ඇත.
(iii) ඔව්.
(iv) නැත.
(ආ) (i) පිළිනොගනිමි. 2009.03.17 දින මෙම රෙගුලාසි පාර්ලිමේන්තුව විසින් අනුමත කර ඇත.
(ii) පිළිනොගනිමි. ඉඩම් අත්කරගැනීමේ පනතේ 45(1) යටතේ වෙළඳ මිල තක්සේරු කිරීමේදී ඉඩම් හිමියාට යම් අලාභයක් සිදුවන්නේ නම්, මෙම රෙගුලාසි මඟින් එම අලාභය ඉවත් කිරීමට ප්‍රතිපාදන සලසා ඇත.
(ඇ) 2009.04.07 දින අංක 1596/12 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය අවලංගු කිරීමේ අවශ්‍යතාවක් නැත.
(ඈ) අත්කරගැනීමේ පනතේ 45න් දැක්වෙන තක්සේරු කිරීමේ ක්‍රියාවලියෙන් ලැබෙන තක්සේරු මුදලට වඩා වැඩි අගයක් මෙම රෙගුලාසි මඟින් ඉඩම් හිමියන්ට ලබා ගැනීමට අවස්ථාව සැලසී ඇත.
පිළිතුරු දුන් දිනය
2014-03-04
විසින් පිළිතුරු දෙන ලදී
ගරු සිරිපාල ගමලත් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks