E   |     |  

 දිනය: 2014-06-18   පිළිතුර ලබා දී ඇත 

4587/2014: කොළඹ නගරය තුළ ක්‍රියාත්මක "කැසිනෝ": වාර්ෂික බදු සහ වෙනත් ගාස්තු

4587/’13

 

ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා,— මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—  

(අ)       කොළඹ නගරය තුළ “කැසිනෝ” කිහිපයක් ක්‍රියාත්මක වන බව එතුමා දන්නෙහිද?

(ආ)        (i)       2013.11.29 දින වන විට කොළඹ නගරය තුළ ක්‍රියාත්මක වූ “කැසිනෝ” සංඛ්‍යාව සහ ඒවායේ ලියාපදිංචි නම් කවරේද;

(ii) 2006 වර්ෂයේ සිට 2012 දක්වා සහ 2013 වර්ෂයෙහි මුල් කාර්තු තුන සඳහා ඉහත එක් එක් ආයතනය විසින් ගෙවිය යුතු වාර්ෂික බදු, අයකිරීම් සහ වෙනත් ගාස්තු කවරේද;

(iii) ඉහත එක් එක් ආයතනය විසින් ඉහත කී කාල පරිච්ඡේදය සඳහා ගෙවන ලද වාර්ෂික බදු, අයබදු සහ වෙනත් සියලු ගාස්තු කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-06-18

අසන ලද්දේ

ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල් හා ක්‍රමසම්පාදන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)       ඔව්.

(ආ)         (i)      එවැනි ව්‍යාපාර සංඛ්‍යාව 5කි. එක් එක් ව්‍යාපාරික ආයතන නම් සහ ලියාපදිංචි ගොනු අංක පිළිබඳව නිශ්චිත තොරතුරු බාහිර පාර්ශ්වයන්ට ලබා දීම 2006 අංක 10 දරන දේශීය ආදායම් පනතේ 209 වගන්තියේ විධිවිධාන මඟින් වළක්වා ඇත.

              (ii)      බදු අය කිරීම පිළිබඳව විස්තර ඇමුණුම් 1හි දක්වා ඇත.

       ඇමුණුම 1

2006 සිට 2012 වර්ෂය දක්වා (ආදායම් බද්ද, වැට් බද්ද සහ ජාතිය ගොඩනැඟීමේ බද්ද)   

 

වර්ෂය

එක් ආයතනයක් වර්ෂයක් තුළ ගෙවිය යුතු බද්ද (රුපියල් මිලියන)

ලියා පදිංචි කැසිනෝ ව්‍යාපාර සංඛ්‍යාව

ගෙවිය යුතු බද්ද (රුපියල් මිලියන)

ගෙවූ බද්ද (රුපියල් මිලියන)

2006

50

4

  200

  200

2007

50

4

  200

  200

2008

50

4

  200

  200

2009

50

4

  200

  200

2010

50

4

  200

  200

2011

50

4

  200

  200

2012

50

4

  200

  200

එකතුව

 

1400

1400

 

2013 වර්ෂය මුල් කාර්තු 03

 

 

කාර්තුව

එක් ආයතනයක් කාර්තුවක් තුළ ගෙවිය යුතු බද්ද (රුපියල් මිලියන)

ලියා පදිංචි කැසිනෝ ව්‍යාපාර සංඛ්‍යාව

ගෙවිය යුතු බද්ද (රුපියල් මිලියන)

ගෙවූ බද්ද (රුපියල් මිලියන)

2013 පළමු

   12.5

4

 50

    50

2013 දෙවන

25

4

100

100

2013 තෙවන

25

5

125

  125

එකතුව

 

275

  275

(iii) ඉහත ඇමුණුම 1හි සඳහන් බදුවලට අමතරව 2013.01.01 දින සිට අතිරේකව අය කරනු ලබන වෙනත් ගාස්තු ලෙස දළ එකතුව මත සියයට 5ක බද්ද අය කිරීම සිදු කරයි.

එම තොරතුරු ඇමුණුම් 2හි දක්වා ඇත.

 

ඇමුණුම 2.

දළ එකතුව මත සියයට 5 බද්ද.

 

ආයතනය

2013 පළමු කාර්තුව (රුපියල් මිලියන

2013 දෙවන කාර්තුව (රුපියල් මිලියන

2013 තෙවන කාර්තුව (රුපියල් මිලියන)

එකතුව (රුපියල් මිලියන)

ආයතනය 01

1.5

1.8

2.1

5.4

ආයතනය 02

10.0

8.9

8.5

27.4

ආයතනය 03

7.6

9.3

9.4

26.3

ආයතනය 04

15.5

11.7

12.1

39.3

ආයතනය 05

 -

 -

3.0

3.0

එකතුව

34.6

31.7

35.1

101.4

(ඇ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2014-06-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (ආචාර්ය) සරත් අමුණුගම මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks