01

E   |     |  

 දිනය: 2014-04-24   පිළිතුර ලබා දී ඇත 

4554/2014: ස්ථිර පත්වීම් නොලද ගුරුවරු: විස්තර

4554/’13

 

ගරු අකිල විරාජ් කාරියවසම් මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       මේ වන විට අවශ්‍ය සුදුසුකම් සපුරා ඇතත්, ස්ථිර පත්වීම් ලබා දී නොමැති  ගුරුවරුන් සංඛ්‍යාව කොපමණද;

            (ii)       ඔවුන්ට ‍මේ දක්වා ස්ථිර පත්වීම් ලබා නොදීමට හේතු කවරේද;

  (iii)  ස්ථිර පත්වීම් ලබා නොදීම හේතුවෙන් එම ගුරුවරුන්ට හිමි වරප්‍රසාද අහිමි වී ගොස් ඇති බව පිළිගන්නේද;

   (iv)  එම ගුරුවරුන්ට ස්ථිර පත්වීම් ලිපි ලබාදීමට අපේක්ෂා කරනු ලබන කාල වකවානුව කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ)   නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-04-24

අසන ලද්දේ

ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු කථානායකතුමනි, ගරු මන්ත්‍රීතුමා විසින් අසා තිබෙන ප්‍රශ්නයේ පොඩි ගැටලුවක් තිබෙනවා. ඒ තමයි අපැහැදිලි බව. මේ ප්‍රශ්නයේ අ (i)  කොටස මම කියවන්නම්.

"මේ වන විට අවශ්‍ය සුදුසුකම් සපුරා ඇතත්, ස්ථිර පත්වීම් ලබා දී නොමැති ගුරුවරුන් සංඛ්‍යාව කොපමණද?"   යන්නෙන් ගරු මන්ත්‍රීතුමා අදහස් කරන්නේ මොකක්ද  කියන්න.

 

පිළිතුරු දුන් දිනය

2014-04-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks