01

E   |     |  

 දිනය: 2014-08-06   පිළිතුර ලබා දී ඇත 

4506/2014: Sri Lankan Airline - Purchase of new aircrafts

4506/’13

 

ගරු සුජීව සේනසිංහ මහතා,— සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

 (අ)        (i)       සීමාසහිත ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා අලුතෙන් ගුවන් යානා දහයක් මිලදී ගැනීමේ සැලසුමක් ඇති බව දන්නේද;

            (ii)       මිලදී ගැනීමට අපේක්ෂිත එම ගුවන් යානා සඳහා වැය කිරීමට නියමිත මුදල කොපමණද;

  (iii)  එම ගුවන් යානා මිලදී ගන්නේ කුමන රටකින්ද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?       

(ආ)  (i)  සීමාසහිත ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ සීමාසහිත මිහින් ලංකා (පෞද්ගලික) ගුවන් සමාගම 2013 ජනවාරි සිට මේ දක්වා ලැබූ පාඩුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

  (ii)     අධික පාඩු ලබමින් පවත්වාගෙන යනු ලබන  ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා   අලුතෙන් ගුවන් යානා මිලදී ගැනීමට ප්‍රතිපාදන සපයා ගනු ලබන ආකාරය කවරේද;

 

  (iii)  එම නව ගුවන් යානා මිලදී ගැනීම අනුමත කරන්නේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-08-06

අසන ලද්දේ

ගරු නීතිඥ අර්ජුන සුජීව සේනසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

සිවිල් ගුවන් සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks