01

E   |     |  

 දිනය: 2014-06-17   පිළිතුර ලබා දී ඇත 

4444/2014: ලංකා විදුලිබල මණ්ඩලය : බඳවා ගැනීම්

4444/’13

 

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා,— විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමියගෙන් ඇසීමට,—

(අ)          (i)      පසුගිය වර්ෂ හතක කාල සීමාව තුළ ලංකා විදුලිබල මණ්ඩලයේ සේවය සඳහා කොන්ත්‍රාත් පදනම මත හෝ අනියම් සේවක පදනම මත බඳවාගෙන ඇති සේවක සංඛ්‍යාව කොපමණද;

(ii) එම සේවකයින් අතරින් වර්ෂ පහකට වැඩි කාලයක් සේවය කර ඇති සේවක සංඛ්‍යාව කොපමණද;

(iii) එකී සේවකයින් සඳහා කරනු ලබන ගෙවීම් කම්කරු රෙගුලාසිවලට අනුවම සිදු කර තිබේද;

(iv) එසේ නම්, එපරිදි කටයුතු කිරීම ආරම්භ කළ දිනය කවරේද;

(v) ඉහත (i) හි සඳහන් සේවක සංඛ්‍යාව අතරින් ලංකා විදුලිබල මණ්ඩලයේ ස්ථිර සේවය සඳහා බඳවාගෙන ඇති සංඛ්‍යාව කොපමණද;

(vi) එම බඳවා ගැනීම් කවර‍ කාර්ය පටිපාටියක් යටතේ සිදුකර තිබේද;

යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?        

(ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-06-17

අසන ලද්දේ

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල හා බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      පසු ගිය වර්ෂ හතක කාල සීමාව තුළ ලංකා විදුලිබල මණ්ඩලයේ තාවකාලික කාර්යයන් සඳහා කොන්ත්‍රාත් පදනම මත හෝ අනියම් සේවක පදනම මත විටින් විට බඳවා ගෙන ඇති සේවක සංඛ්‍යාව පන්සිය හතළිස් දෙදෙනෙකි.(542)  එහෙත් 2014.03.31 වන විට එම සේවකයින් අතරින් සේවකයින් හැට දෙනෙකු (60) පමණක් කොන්ත්‍රාත් පදනම මත තවදුරටත් සේවයේ යෙදී සිටිති.

(ii) එම සේවකයන් අතරින් වර්ෂ පහකට වැඩි කාලයක් සේවය කර ඇති සේවක සංඛ්‍යාව හය (6)කි.

(iii) ඔව්.

(iv) බඳවා ගත් දින සිට.

(v) ඉහත (i) හි සඳහන් සේවක සංඛ්‍යාව අතරින් ලංකා විදුලිබල මණ්ඩලයේ ස්ථිර කාර්ය මණ්ඩලයේ පුරප්පාඩු සඳහා සේවකයින් දස (10) දෙනකු බඳවාගෙන ඇත.

(vi) ඉහත (i) හි සඳහන් තාවකාලික සේවය සඳහා බඳවා ගැනීම් ලංකා විදුලිබල මණ්ඩලයේ බඳවා ගැනීමේ කාර්ය පටිපාටියට අනුකූලව සිදු කර ඇති අතර  ස්ථීර කාර්ය මණ්ඩලයේ පුරප්පාඩු සඳහා එම මණ්ඩලයේ ස්ථීර පුරප්පාඩු සඳහා වූ  බඳවා ගැනීමේ පටිපාටියට අනුව සිදු කර ඇත.

(ආ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2014-07-11

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks