පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4437/’13
ගරු තලතා අතුකෝරල මහත්මිය,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ඉරිදා දිනයන්හි හා පොහොය දිනයන්හි උපකාරක පන්ති පැවැත්වීම තහනම් කර තිබේද;
(ii) එසේ නම්, එම තහනම බලපවත්නා ප්‍රදේශ කවරේද;
(iii) එම තහනම බලපවත්නා උපකාරක පන්ති අදාළ වන සිසුන්ගේ වයස් සීමාවන් කවරේද;
(iv) මේ පිළිබඳව මධ්‍යම රජය අනුගමනය කරනු ලබන පිළිවෙත කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-06-04
අසන ලද්දේ
ගරු නීතිඥ තලතා අතුකෝරල මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) මානව හිමිකම් තත්ත්වයන් යටතේ මේ සම්බන්ධ නීති පැනවීමක් කළ නොහැකි වුවද පාසල් ගුරුවරුන්ට පාසල් කාලය තුළදීත් ඉරිදා දිනයන්හි උදය වරුවේත් පාසල් සිසුන් සඳහා උපකාරක පන්ති නොපැවැත්විය යුතු බව අවධාරණය කර ඇත. එහෙත් ඒවා නීතිමය වශයෙන් තහනම් කිරීමක් කර නොමැත. එවන් නීතිමය චක්‍රලේඛ නිකුත් කිරීම සඳහා අවශ්‍ය වන නෛතික බලයක් ලැබීමට හැකි වන ආකාරයට මෙම ගරු සභාව මගින් පනතක් සම්මත කිරීම අවශ්‍ය වේ. එවන් පනතක් සම්මත වූ පසු ඒ සම්බන්ධව කටයුතු කළ හැකි බව දන්වමි. සද්භාවයෙන් යුක්තව ගුරුවරු විසින් එසේ නොකළ යුතු බව දන්වන ලද ලිපියක් කලාප හා පළාත් කාර්යාලවලට යවා තිබෙනවා.
(ii) පාසල් සිසුන්ට උපකාරක පන්ති පැවැත්වීම සම්බන්ධයෙන් නිකුත් කර ඇති ලිපිය මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි නිකුත් කර ඇත.
(iii) පාසල් වයසේ සිටින පාසල් යන දරුවන් සඳහා පමණක් මෙම නියෝගය අදාළ වේ.
(iv) මානව අයිතිවාසිකම් පිළිබඳ තත්ත්වය යටතේ මේ සම්බන්ධ බලාත්මක නීති පැනවිය යුත්තේ මෙම උත්තරීතර පාර්ලිමේන්තුව විසිනි. විය යුතු දෙයක් පිළිබඳව දැනුම් දීමක් විතරයි මේ ලිපියෙන් කර තිබෙන්නේ.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2014-06-04
විසින් පිළිතුරු දෙන ලදී
ගරු මොහාන් ලාල් ග්‍රේරු මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks