01

E   |     |  

 දිනය: 2014-06-17   පිළිතුර ලබා දී ඇත 

4334/2014: ජාතික පාසල් : විදුහල්පති පුරප්පාඩු

4334/’13

 

ගරු අනෝමා ගමගේ මහත්මිය,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      මේ වන විට ජාතික පාසල්වල විදුහල්පති තනතුරු සඳහා පුරප්පාඩු පවතින්නේද;

             (ii)      එසේ නම්, විදුහල්පති පුරප්පාඩු පවතින එම පාසල් කවරේද;

            (iii)      එම පුරප්පාඩු පිරවීම සඳහා මෑතකදී අයදුම්පත් කැඳවනු ලැබුවේද;

(iv) එසේ නම්, එම දිනය කවරේද;

(v) එම අයදුම්පත් කැඳවීමෙන් පසුව තෝරාගන්නා ලද විදුහල්පතිවරුන් සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ජාතික පාසලක  විදුහල්පතිධූරයක් දැරීම සඳහා තිබිය යුතු අධ්‍යාපනික සුදුසුකම් කවරේද;

(ii) දැනට සේවය කරන ජාතික පාසල් විදුහල්පතිවරුන් ඉහත සඳහන් සුදුසුකම් සපුරා තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-06-17

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) අනෝමා ගමගේ මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

              (ii)      පාසල් 98ක් ඇමුණුම 01 මඟින් දක්වා ඇත. ඇමුණුම 01 සභාගත* කරමි.

             (iii)      ඔව්.

             (iv)      2014.04.11

              (v)      අයදුම් පත් භාර ගන්නා අවසන් දිනය 2014.05.20 වේ. ඉදිරියේදී සම්මුඛ පරීක්ෂණ පවත්වන අතර, ඉන් පසු තෝරා ගන්නා සංඛ්‍යාව පත්වීම් බලධරයා වන රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් තීරණය කරනු ලැබේ.

(ආ) (i) ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ I, II, III පන්තියේ හෝ විදුහල්පති ශ්‍රේණියේ Iවන පන්තියේ නිලධාරියෙකු වීම. ලකුණු පටිපාටිය ඇමුණුම 02හි සඳහන් වේ. ඇමුණුම 02 සභාගත* කරමි.

(ii) ඔව්.

රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ඉහත ලකුණු පටිපාටිය අනුමත කර ඇති අතර, මෙම සියලුම නිලධාරින් එම සුදුසුකම් සපුරා ඇත. ස්ථිර විදුහල්පති තනතුරට විධිමත් පරිදි පත්වීම් ලබා දී ඇත.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2014-06-17

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මොහාන් ලාල් ග්‍රේරු මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks