පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4322/’13
ගරු ජෝන් අමරතුංග මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, කළු ඇල කැපීමේ ව්‍යාපෘතිය යටතේ වැලිසර වෙඩිබෙහෙත් ගබඩාව ආසන්නයේ, හොරපෙ දුම්රියපොළ දිසාවට මීටර් 200කින් පමණ නියමිත මාර්ගය වෙනස් කර ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් ඇලක් හාරමින් තිබේද;
(ii) එම ඇලේ නියමිත මාර්ගය වෙනස් කරනු ලබන්නේ වෙඩිබෙහෙත් ගබඩාවේ ආරක්ෂාව උදෙසා නාවික හමුදාව විසින් කළ ඉල්ලීමක් හේතුවෙන්ද;
(iii) එම ඇල මාර්ගය පෞද්ගලික කුඹුරු ඉඩම් හරහා හාරනු ලබන බැවින් එම කුඹුරු ඉඩම් හිමියන්ට වන්දි මුදලක් ලබා දෙන්නේද;
(iv) එසේ නම්, එම දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-12-18
අසන ලද්දේ
ගරු ජෝන් අමරතුංග මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍ය කාර්යාලය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ආරක්ෂක අවශ්‍යතාවන් මත මීටර් 200කින් පමණ නියමිත මාර්ගයෙන් ඇළ වෙනස් කරමින් ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් කළු ඇළ ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කර ඇත.
(ii) ඔව්.
(iii) ඉඩම් අත්පත් කිරීමේ පනතේ විධිවිධානයන්ට අනුකූලව ඉඩම් අත්පත් කර කුඹුරු ඉඩම් හිමියන් වෙත වන්දි ලබා දීමට අපේක්ෂා කෙරේ.
(iv) ඉඩම් අත්පත් කිරීම් කටයුතු ආරම්භ කර ඇති අතර වන්දි ලබා දෙන දිනය නිශ්චිතව කිව නොහැකිය.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2013-12-18
විසින් පිළිතුරු දෙන ලදී
ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks