පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4214/’13
ගරු තිස්ස අත්තනායක මහතා,— ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) රජයේ මුද්‍රණාලයාධිපති තනතුර පුරප්පාඩුව පවතීද;
(ii) එසේ නම්, එම තනතුරෙහි දැනට වැඩ ආවරණය කිරීම සඳහා යම් නිලධාරියකු පත් කර තිබේද;
(iii) එම නිලධාරියාගේ අධ්‍යාපන සහ වෘත්තීය සුදුසුකම් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ඉහත නිලධාරියා රජයේ මුද්‍රණාලයාධිපති තනතුර සඳහා අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කර නොමැත්තෙකු බවත්;
(ii) ඒ අනුව සම්පූර්ණ සුදුසුකම් නොමැති, ආයතනයේ සේවය කරන කණිෂ්ඨ නිලධාරියකු මුද්‍රණාලයාධිපති තනතුර සඳහා පත් කර ඇති බවත්;
(iii) මුද්‍රණාලයාධිපති තනතුර සඳහා සුදුසුකම් ඇති ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන් සිව් දෙනෙකු මේ වන විටත් ආයතනය තුළ සේවයේ යෙදී සිටින බවත්;
එතුමා පිළිගන්නෙහිද?
(ඇ) එසේ නම්, ඉහත තත්ත්වයන් නිවැරදි කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-02-07
අසන ලද්දේ
ගරු තිස්ස අත්තනායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) ඔව්.
(iii) අධ්‍යාපන සුදුසුකම්
1. කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව -ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය- 1995
2. පරිගණක තාක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව -කොළඹ විශ්වවිද්‍යාලය- 1991
3. විද්‍යාවේදී උපාධිය -කැලණිය විශ්වවිද්‍යාලය- 1984
වෘත්තීය සුදුසුකම්
1. ඕෆ්සෙට් ලිතෝග්‍රැෆි පාඨමාලාව -ශ්‍රී ලංකා මුදුණ ආයතනය- 1988
2. ලිතෝග්‍රැෆි ඩිප්ලෝමා පාඨමාලාව -මහාබ්‍රිතාන්‍ය- 1991
3. බහු මාධ්‍ය සංවර්ධන පාඨමාලාව -ජපානය- 1997
(ආ) (i) නැත.
(ii) නව සේවා ව්‍යවස්ථාව අනුව මුද්‍රණාලයාධිපති තනතුර මුද්‍රණ සේවයේ විශේෂ ශ්‍රේණියේ තනතුරකි. එම සුදුසුකම් සහිත නිලධාරියකු මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නොමැත. එම නිසා රජයේ මුද්‍රණාලයාධිපති තනතුරේ රාජකාරි ආවරණය සඳහා ශ්‍රී ලංකා මුද්‍රණ සේවයේ I පන්තියේ I ශ්‍රේණියේ නිලධාරින් සිව් දෙනාගෙන් එක් අයෙක් පත් කර ඇත.
(iii) නැත.
(ඇ) අදාළ නොවේ.
(ඈ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2014-02-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කෙහෙලිය රඹුක්වැල්ල මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks