පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4212/’13
ගරු සුජීව සේනසිංහ මහතා,— විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමියගෙන් ඇසීමට,—
(අ) (i) කැබිනට් මණ්ඩලය සහ මහා භාණ්ඩාගාරය ලබා දුන් උපදෙස් හා තීරණ කඩ කරමින් ලංකා විදුලිබල මණ්ඩලය සිය අභිමතය පරිදි පුද්ගලික තාප බලාගාරවලින් විදුලිය මිල දී ගැනීමේ දීර්ඝකාලීන ගිවිසුම්වලට අත්සන් තබා ඇති බවත්;
(ii) පුද්ගලික තාප බලාගාරවලින් විදුලිය මිල දී ගැනීමේ දී රුපියල් කෝටි ගණනක දූෂණ හා වංචා සිදු වී ඇති බව විගණන පරීක්ෂණවලින් හෙළි වී ඇති බවත්;
(iii) එම තත්ත්වය යටතේ ලංකා විදුලිබල මණ්ඩලය තුළ සිදු වී ඇති අතිවිශාල මුදල් නාස්තිය විදුලි බිල වැඩිවීමට ප්‍රධාන හේතුවක් වී ඇති බවත්;
(iv) ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ ධූර දරන ඇතැම් නිලධාරීන් පුද්ගලික තාප විදුලි බලාගාර කිහිපයක අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් ලෙස කටයුතු කරන බවත්;
එතුමිය දන්නෙහිද?
(ආ) (i) කුලී පදනම මත පුද්ගලික අංශයෙන් වාහන ලබා ගැනීමේ දී හා ගෙවීම් සිදු කිරීමේ දී ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් කෝටි ගණනක පාඩුවක් සිදු වී ඇති බව දන්නේද;
(ii) ලංකා විදුලිබල මණ්ඩලය විසින් කුලී පදනම මත ලබා ගත් වාහන සඳහා මසකට ගෙවන මුදල කොපමණද;
(iii) කුලී පදනම මත ලබා ගත් එම වාහන යොදා ගෙන ඇති කාර්යයන් කවරේද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-02-07
අසන ලද්දේ
ගරු නීතිඥ අර්ජුන සුජීව සේනසිංහ මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදුලිබල හා බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) නැත.
(ii) විගණන වාර්තාවලින් දූෂණයක් සිදු වී ඇති බව වාර්තා නොවේ.
(iii) අදාළ නොමැත.
(iv) නැත.
(ආ) (i) දවසේ පැය 24 පුරාම අත්‍යවශ්‍ය සේවාවන් වන විදුලිය සැපයීම පවත්වාගෙන ආයතනයක් වශයෙන් නිරන්තරයෙන් සිදු වන විදුලි බිඳ වැටීම් වළක්වා ගැනීමට සහ සිදු වන බිඳ වැටීම් යථා තත්ත්වයට පත් කිරීමට ඉංජිනේරු සහ කාර්මික සේවා කාර්ය මණ්ඩලයට දවසේ පැය 24 පුරාම රාජකාරියේ නිරත වීමේ වගකීම පැවැරී තිබේ. එවැනි අවස්ථාවල දිවයිනේ විසිරී ඇති විදුලි රැහැන් පද්ධතීන් සහ විදුලි බලාගාර වෙනුවෙන් නිරන්තරයෙන් අවධානයෙන් සිටින මෙම නිලධාරින්ට සෑම අත්‍යවශ්‍ය මොහොතකම රාජකාරි ගමන් සඳහා වාහන සැපයීම අනිවාර්යය. මෙම තත්ත්වය යටතේ අවශ්‍ය අවස්ථාවන්හිදී අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය මත පුවත් පත් මඟින් ප්‍රසිද්ධ මිල කැඳවීම මත තරගකාරි මිල ගණන් යටතේ වාහන කුලී පදනම මත ලබා ගනී. මේ සඳහා වන වියදම් මෙහෙයුම් වියදම් ලෙස අවසන් ගිණුම් මඟින් ආදායමෙන් පියවා ගනී. ඒ සඳහා පාඩු සිදු වී නැත.
(ii) මසකට ලංකා විදුලිබල මණ්ඩලය විසින් වාහන කුලී පදනම මත ලබා ගැනීම වෙනුවෙන් රුපියල් මිලියන 62ක් පමණ වැය කෙරේ.
(iii) කාර් සහ වෑන් රථ නිලධාරින් සහ සේවක මහතුන් ප්‍රවාහනය සඳහාද, ලොරි රථ භාණ්ඩ හා සේවක මහතුන් ප්‍රවාහනය සඳහාද යොදා ගැනේ.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2014-02-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks