පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4158/’13
ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා,— ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් විසන්ධි කරන ලද ජල සම්බන්ධතා නැවත ලබා දීමේදී ගෘහස්ත ජල පාරිභෝගිකයෙකුගෙන් රු. 500.00ක් හා ව්‍යාපාරික ස්ථානයකින් රු.1500.00ක් බැගින් අයකළ බවත්;
(ii) විසන්ධි කරන ලද ජල සම්බන්ධතාවක් නැවත ලබා දීමේ ගාස්තුව මේ වන විට ගෘහස්ත ජල පාරිභෝගිකයෙකු වෙනුවෙන් රු.2300.00ක් හා ව්‍යාපාරික ස්ථානයක් වෙනුවෙන් රු. 6900.00ක් දක්වා ඉහළ දමා ඇති බවත්;
(iii) විසන්ධි කරන ලද ජල සම්බන්ධතා නැවත ලබා දීමේ නව ගාස්තු පෙර පැවති ගාස්තුව මෙන් පස් ගුණයකින් ඉහළ යාම නිසා සමස්ත ජල පාරිභෝගිකයින් තදබල පීඩනයකට ලක්ව ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) විසන්ධි කරන ලද ජල සම්බන්ධතා නැවත ලබා දීමේ දී දැනට අයකරන ගාස්තු මුදල සංශෝධනය කොට, සමස්ත ජල පාරිභෝගිකයන් හට සහනයක් සලසා දීමට කටයුතු කරන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-02-07
අසන ලද්දේ
ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
ජලසම්පාදන හා ජලාපවාහන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) ඔව්. (2008.04.01දින දක්වා විසන්ධි කරනු ලැබූ ජල සම්බන්ධතා නැවත ලබා දීමේ ගාස්තුව වේ.)
(ii) ඔව්. (2008.04.01 සිට බල පැවැත්වෙන මෙම අය කිරීම් සංශෝධනයෙන් පසු මේ වන තෙක් කිසිදු වැඩි කිරීමක් සිදු කර නොමැත.)
(iii) නැත.
මෙම සංශෝධනය කිරීම බලපානු ලබන්නේ ජල බිල්පත් ගෙවීම පැහැර හැරීම මත ඒ පිළිබඳ අවස්ථා කිහිපයකදීම දැනුවත් කිරීමෙන් අනතුරුව ජල සම්බන්ධතාවය විසන්ධි වන පාරිභෝගිකයන් හට පමණි. එබැවින් මෙම ගැටලුව, සමස්ත ජල පාරිභෝගිකයින් සඳහා අදාළ වන්නේ නැත.
(ආ) නැත.
ඉහත (අ) (iii)ට අදාළ වේ.
(ඇ) ජලය විසන්ධි කර ගැනීම වළක්වා ගැනීම සඳහා සාධාරණ කාලයක් ලබා දෙන අතර එසේම අවස්ථා කිහිපයකදී දැනුවත් කිරීම් කරනු ලබන බැවින් ජලය විසන්ධි වීම ඉතා අවම මට්ටමක පවතී. (මසකට විසන්ධි වන ගාහස්ථ පාරිභෝගිකයන්ගේ ප්‍රමාණය, සමස්ථ ජල පාරිභෝගිකයන්ගෙන් සියයට එකකටත් අඩු ප්‍රමාණයක් වන අතර වාණිජ පාරිභෝගිකයන්ගේ ප්‍රමාණය, සමස්ථ ජල පාරිභෝගිකයන්ගෙන් 1000:01ක ප්‍රමාණයකි.) ඒ අනුව නිසි පරිදි ජල බිල්පත් ගෙවීම් කරනු ලබන සියයට 99ක් ඉක්මවූ ජල පාරිභෝගිකයන් සඳහා කිසිදු අසාධාරණයක් හෝ පීඩනයක් ඇති නොවන අතර, නොසැලකිලිමත්කම හේතුවෙන් ජල බිල්පත් නොගෙවා පැහැර හරින ඉතා සුළු පිරිසකට පමණක් මෙම වැඩි වීම බලපානු ලබනු ඇත.
පිළිතුරු දුන් දිනය
2014-05-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks