01

E   |     |  

 දිනය: 2014-03-19   පිළිතුර ලබා දී ඇත 

4155/2014: දෝහා කටාර් ශ්‍රී ලංකා තානාපති : පැමිණිලි

 4155/13

ගරු රන්ජන් රාමනායක මහතා,— විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

()         (i)       2013 ජූනි මස 15 දින දෝහා කටාර් ‍දේශයට යාමට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණි, ශ්‍රී ලංකා වි‍දේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවූ පුද්ගලයෙකු එම කාර්යාංශයේ නිලධාරීන් විසින් රඳවා තබාගත් අවස්ථාවේ එම ස්ථානයට පැමිණි දෝහා කටාර් හි ශ්‍රී ලංකා තානාපතිවරයා විසින් එම පුද්ගලයා නිලධාරීන්ගෙන් මුදාගෙන බලෙන්ම ගුවන්තොටුපළ තුළට රැගෙන ගොස් ඇති බවත්;

  (ii)  එම අවස්ථාවේදී, එකී තානාපතිවරයා විසින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ට බැන වැදී තර්ජනය කර ඇති බවත්;

එතුමා දන්නෙහිද?

()  (i)  ඉහත සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍යවරයාට සහ කටුනායක ගුවන්තොටුපළේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධානීන් වෙත පැමිණිලි කර තිබේද;

  (ii)  ශ්‍රී ලංකා වි‍දේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවූ මෙම පුද්ගලයාගේ සේව්‍යයා ලෙස කටාර් ජාතිකයෙකුගේ නම සඳහන්ව තිබියදීත් එම පුද්ගලයා විදේශගත කිරීමට අදාළ තානාපතිවරයාට හැකියාවක් තිබේද;

  (iii)  ඉදිරියේදී මෙවැනි සිදුවීම් වැළැක්වීමට ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

()  නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-03-19

අසන ලද්දේ

ගරු රන්ජන් රාමනායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      අදාළ ශ්‍රී ලාංකිකයා තම නිවසේ සේවයට යන බව කාර්යාංශයේ නිලධාරින්ට දන්වා ශ්‍රී ලංකා තානාපතිවරයා විසින් එම පුද්ගලයා ගුවන් තොටුපොළ තුළට කැඳවාගෙන ගොස් ඇති අතර බලෙන් රැගෙන යාමක් සිදු වී නැත.    

              (ii)      තානාපතිවරයා විසින් කාර්යාංශයේ නිලධාරින්ට බැණ වැදී තර්ජනය කිරීමක් සිදු වී නැත.

(ආ) (i) එවැනි සිදුවීමක් පිළිබඳව දන්වා ඇත.

(ii) එම පුද්ගලයාගේ සේව්‍යයා ලෙස කටාර් ජාතිකයෙකුගේ නම සඳහන් වී තිබී ඇතැයි අනාවරණය වී නැත.

(iii)  පුද්ගලයන් රැකියා සඳහා විදේශගත වන අවස්ථාවන්හිදී ඉදිරිපත් වන කරුණු පිළිබඳව වඩාත් සැලකිලිමත්ව හා විමසිලිමත්ව රාජකාරි ඉටු කරන ලෙස නිලධාරින්ට උපදෙස් දී ඇත.

(ඇ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2014-05-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ඩිලාන් පෙරේරා මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks