01

E   |     |  

 දිනය: 2014-07-24   පිළිතුර ලබා දී ඇත 

4150/2014: කතරගම, තම්මැන්නාව මැණික් ඉඩම් වෙන්දේසිය : ඉපයූ මුදල

4150/’13

 

ගරු අනුර දිසානායක මහතා,— පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

  (අ)        (i)       කතරගම, තම්මැන්නාව ප්‍රදේශයේ මැණික් ඉඩම් වෙන්දේසියක් සිදුකරනු ලැබුවේද;

             (ii)       එසේ නම්, එම වෙන්දේසිය තුළින් උපයා ගන්නා ලද මුළු ආදායම කොපමණද;

(iii) එම මුදල් නියමිත ක්‍රියාපටිපාටියට අනුව ලබා ගත්තේද;

(iv) ඉහත වෙන්දේසියට අදාළව තවදුරටත් අයවිය යුතු මුදල් තිබේද;

(v) එම ඉඩම් වෙන්දේසියේදී ආහාර හා තේ වෙනුවෙන් දරන ලද මුදල ‍කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-07-24

අසන ලද්දේ

ගරු අනුර දිසානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

පරිසර හා පුනර්ජනනීය බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

              (ii)      270,900,000/-ක් වේ.

             (iii)      ඔව්. වෙන්දේසිය සඳහා කට්ටි කරන ලද ඉඩමේ ලොට් අංක 21 දරන බිම් කැබැල්ල සඳහා ලද චෙක්පත අගරු වීම මත ඒ සඳහා අය විය යුතු  මුදල පමණක් හිඟව පවතී.

             (iv)      ඔව්. ඉහත සඳහන් ලොට් අංක 21 දරන කොටස සඳහා රුපියල් 2,964,625/-ක මුදල තවදුරටත් අය විය යුතුව තිබේ.

(v) රුපියල් 2,299,360.27කි. මෙම බිම් කැබැලි වෙන්දේසි කිරීමෙන් පසුවද එම ප්‍රදේශයේ පැවති නොසන්සුන්කාරී වාතාවරණය අනුව ඊට ආරක්ෂාව සඳහා පොලීසිය හා විශේෂ කාර්ය බලකාය සමඟ ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරින් රාජකාරියේ යොදවා ඇත. එම සියලුම නිලධාරින් සඳහා අවුරුද්දක කාලයකට ආහාර හා තේ සැපයීම සඳහා මෙම මුදල වැය වී ඇත.

(ආ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2014-07-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks