01

E   |     |  

 දිනය: 2014-01-21   පිළිතුර ලබා දී ඇත 

4126/2014: වෙල්ලාවෙලි - කල්මුනේ ප්‍රධාන මාර්ගය : ප්‍රතිසංස්කරණය

4126/’13

ගරු (අල්හාජ්) ඒ. එච්. එම්. අස්වර් මහතා,— මහාමාර්ග, වරාය හා නාවික අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)       මඩකලපුව, මණ්ඩූර් තොටුපලෙන් ඇරඹෙන වෙල්ලාවෙලි - කල්මුනේ ප්‍රධාන මාර්ගය දීර්ඝ කාලයකින් ප්‍රතිසංස්කරණය කර නොමැති බව එතුමා දන්නෙහිද?

(ආ)     එම ප්‍රදේශයේ ජනතාවගේ ගමනාගමනයට ඉතා වැදගත්වන ඉහත මාර්ගය වහාම ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-01-21

අසන ලද්දේ

ගරු ඒ.එච්.එම්. අස්වර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහාමාර්ග, වරාය හා නාවික

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

           වෙල්ලාවෙලි - කල්මුනේ මාර්ගය කොටස් හතරකින් සමන්විතයි.

*          මණ්ඩුර් තොටුපොළේ සිට  අම්පිලන්තුරෙයි - වීරමුනෙයි (B 018) මාර්ගයේ කිලෝමීටර් 11.70ට සම්බන්ධ වන ස්ථානය දක්වා වන කිලෝමීටර් 1.44  අයත් වනුයේ පළාත් මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුවටයි.  එම ‍කොටස ඉදි කිරීම පළාත් සභා මහාමාර්ග අධිකාරියෙන් ඉටු කර තිබෙනවා.    

*         අම්පිලන්තුරෙයි - වීරමුනෙයි - B 018 - මාර්ගයේ  කිලෝමීටර් 11.70 සිට  චවලක්කඩි  හන්දිය දක්වා (කි. මී. 20.30)  මාර්ග කොටස මාර්ග සංවර්ධන අධිකාරියට අයත් වන අතර, මේ වන විට මෙම  කොටස  ඉදි කිරීම් අවසන් කර  සතුටුදායක තත්ත්වයක පවතී.

* චවලක්කඩි - වඩයන්තලාව - B 077 - මාර්ගයේ චවලක්කඩි හන්දියේ සිට චවලක්කඩි දක්වා, මාර්ග සංවර්ධන අධිකාරියට අයත් කිලෝමීටර් 1.25න් කිලෝමීටර් 1.1ක ප්‍රමාණයක් ඇස්පොල්ට් අතුරා  ප්‍රතිසංස්කරණය කර   තිබෙනවා.

*  චවලක්කඩි-කල්මුනේ - B 187 - මාර්ගයේ  කිලෝමීටර් 0.00 - 4.50 දක්වා කිලෝමීටර් 4.50ක් වන මාර්ග  සංවර්ධන  අධිකාරියට අයත් කොටස ප්‍රතිසංස්කරණය කළ යුතුව තිබෙනවා. ඒ මාර්ගය අයහපත් මට්ටමේයි තිබෙන්නේ.

(ආ) ඔව්.

මාර්ග සංවර්ධන අධිකාරිය විසින්  මේ වන විටත් අදාළ  සැලසුම් සකස් කර ඉදිරි සංවර්ධන කටයුතු කිරීමට පියවර ගෙන තිබෙනවා.

(ඇ) පැන   නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2014-01-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගරු නිර්මල කොතලාවල මහතා, පා.ම., මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks