01

E   |     |  

 දිනය: 2014-01-24   පිළිතුර ලබා දී ඇත 

4096/2014: ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව : අය විය යුතු ණය

4096/’13

 

ගරු අනුර දිසානායක මහතා,— ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)       2012 වර්ෂයේ සිට 2013 මැයි මස 01 දින දක්වා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අය විය යුතු මුළු ණය ප්‍රමාණය කොපමණද;

             (ii)       එම ණය ‍ගෙවීමට ඇති පුද්ගලයන් හෝ ආයතන කවරේද;

(iii) එම එක් එක් ආයතන හෝ පුද්ගලයින්ගෙන් අය විය යුතු ණය මුදල් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iv) එම ණය අය කර ගැනීම සඳහා සකස් කොට තිබෙන වැඩ පිළිවෙළ කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-01-24

අසන ලද්දේ

ගරු අනුර දිසානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

ඛනිජ තෙල් කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)            (i)

                                 

2012.01.01 දිනට වෙළෙඳ ණය ශේෂය රුපියල් මිලියන

2012.01.01 සිට 2013.05.01දක්වා කාලය

2013.05.01 දිනට ලැබිය යුතු වෙළෙඳ ණය ශේෂය රුපියල් මිලියන

 

විකුණුම් රුපියල්  මිලියන

ගෙවීම් රුපියල් මිලියන

 

113,366.03

236,676.43

240,718.66

109,323.80

                 

              (ii)      ලංකා විදුලිබල මණ්ඩලය

ශ්‍රී ලංකන් ගුවන් සමාගම

මිහින් ලංකා ගුවන් සමාගම

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය

ශ්‍රී ලංකා යුධ හමුදාව

ශ්‍රී ලංකා නාවික හමුදාව

ශ්‍රී ලංකා ගුවන් හමුදාව

පොලිස් දෙපාර්තමේන්තුව

මාර්ග සංවර්ධන අධිකාරිය

ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය

ලිට්රෝ ලංකා ගෑස් සමාගම

ලාෆ් ගෑස් සමාගම

මඟනැගුම මාර්ග ඉදිකිරීම් සමාගම

ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය

පෞද්ගලික විදුලි ජනන සමාගම්

වෙස්ට් කෝස්ට් පුද්ගලික සමාගම

AES කැළණිතිස්ස පුද්ගලික සමාගම

කොළඹ විදුලි පුද්ගලික සමාගම

හෙළදනවි පුද්ගලික සමාගම

ඒෂියා පුද්ගලික සමාගම

ACE පවර් හොරණ පුද්ගලික සමාගම

ACE මාතර පුද්ගලික සමාගම

ACE පවර් ඇඹිලිපිටිය පුද්ගලික සමාගම

නොදර්න් පවර් පුද්ගලික සමාගම

(iii)

 

(iv) * අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, රජයේ සමාගම් හා ආයතනවලින් අය විය යුතු වෙළඳ ණය හිලව් කර ගැනීම සඳහා මහා භාණ්ඩාගාරය විසින් ලබා දෙන භාණ්ඩාගාර බැඳුම්කර අළෙවි කිරීම.

* මහා භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ මැදිහත් වීම මත වෙළෙඳ ණය ලැබිය යුතු ආයතනවලට අය වැයෙන් වෙන් කරන ලද ප්‍රතිපාදන වෙනුවෙන් සංස්ථාව විසින් ගෙවිය යුතු බදු සහ රේගු බදු හිලව් කිරීම.

* මහා භාණ්ඩාගාර උපදෙස් මත ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් ගෙවිය යුතු ඇ.එ.ජ.ඩො. මිලියන 121ක වෙළඳ ණය අය කර  ගැනීම සඳහා  වර්ෂ 04ක කාලයක් තුළ ලන්ඩන් අන්තර් බැංකු පොලී අනුපාතිකයට +  සියයක 4ක වාර්ෂික ඩොලර් පොලී අනුපාතිකයක් මත ණය අය කර ගැනීම සඳහා පියවර ගෙන තිබේ.

* ඇතැම් ආයතන විසින් ලබා ගෙන ඇති වෙළෙඳ ණය සම්බන්ධයෙන් එම ආයතනවලට අදාළව බැංකු බැඳුම්කර ලබා ගෙන තිබේ.

* අය වීමට ඇති වෙළෙඳ ණය අය කර ගැනීම සඳහා ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශය, ලංකා බනිජ තෙල් නීතිගත සංස්ථාව හා මහා භාණ්ඩාගාරය එක්ව, කාලීනව  සමාලෝචනයට ලක් කර අවශ්‍ය පියවර ගනු ලබයි.

(ආ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2014-03-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks