01

E   |     |  

 දිනය: 2013-11-22   පිළිතුර ලබා දී ඇත 

4056/2013: මැද මහනුවර - වීරියගොල්ල `වුඩ්සෙඩ් ගෲප්' මාර්ගය : අලුත්වැඩියාව

4056/’13

 

ගරු ඒ. විනායගමූර්ති මහතා,— මහාමාර්ග, වරාය හා නාවික අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)      මැද මහනුවර සිට වීරියගොල්ල ‘වුඩ්සෙඩ් ගෲප්’ දක්වා දිවෙන මාර්ගය පසුගිය වර්ෂ 20ක කාලය පුරා අළුත්වැඩියා කර නොමැති බවත්; 

            (ii)      වීරියගොල්ල ප්‍රදේශයේ ලයින් කාමරවල ජීවත්වන ජනතාවට සහ පාසල් සිසුන්ට බස් සේවාවක් නොමැති එකී මාර්ගය භාවිතා කිරීමට සිදුවීම හේතුවෙන් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණදීමට සිදුවී ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ)  එකී මාර්ගය වහාම අලුත්වැඩියා කිරීම සඳහා අවශ්‍ය පියවර ගනු ලබන්නේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-11-22

අසන ලද්දේ

ගරු ගරු ඒ. විනායගමූර්ති මහතා, පා.ම., මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහාමාර්ග, වරාය හා නාවික

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)         මෙම මාර්ගය මාර්ග සංවර්ධන අධිකාරියට අයත් නොවන "වුඩ්සෙඩ් ගෲප්" වතු යායට අයත් මාර්ගයකි.

              (ii)       ඔව්.

                        අතිගරු ජනාධිපතිතුමාට ජනතාවගෙන් ඉල්ලීම් ලිපි ලැබී ඇත.

(ආ)       අතිගරු ජනාධිපතිතුමාගේ නියෝගය පරිදි ඇස්තමේන්තු සකස් කරමින් පවතී.

(ඇ)       පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2013-11-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගරු නිර්මල කොතලාවල මහතා, පා.ම., මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks