පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4052/’13
ගරු අජිත් කුමාර මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) ගාල්ල, ඉමදුව නගර සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට,
(i) අරමුදල් ලැබෙන මූලාශ්‍රය කවරේද;
(ii) ඇස්තමේන්තු ගත වියදම කොපමණද;
(iii) ඉඩම් අත්පත් කරගෙන තිබේද;
(iv) ඉඩම් අත්පත් කරගැනීම සඳහා අදාළ කරගත්, ඉඩම් අත්පත් කර ගැනීමේ පනතේ වගන්තිය කවරේද;
(v) අත්පත් කරගෙන තිබෙන හෝ එසේ කිරීමට නියමිත ඉඩම් සහ දේපළ වෙනුවෙන් වන්දි ගෙවන්නේද;
(vi) කඩා ඉවත් කිරීමට නියමිත වෙළඳසැල් වෙනුවෙන් ගෙවනු ලබන වන්දි පිළිබඳව අදාළ ව්‍යාපාරිකයින් දැනුවත් කරන්නේද;
(vii) ඉවත් කරනු ලබන ව්‍යාපාරික ස්ථාන වෙනුවෙන් විකල්ප ව්‍යාපාරික ස්ථාන ලබා දෙන්නේද;
(viii) විකල්ප ව්‍යාපාරික ස්ථාන ලබා දෙන ප්‍රදේශය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ඉමදුව නගර සංවර්ධන සැලැස්ම යටතේ පුළුල් වන, ගාල්ල-අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ ඉමදුව නාගරික මංසන්ධිය අසලදී පළල කොපමණද;
(ii) ඉමදූව නගරයට පිටතින් ඉදිවන විකල්ප මාර්ගයේ පළල කොපමණද;
(iii) විකල්ප මාර්ගය හා නගර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ගොඩකළ කුඹුරු ඉඩම් නිසි ක්‍රමවේදයක් යටතේ පවරාගෙන තිබේද;
(iv) එම ඉඩම් වෙනුවෙන් වන්දි ගෙවීමට කටයුතු කර තිබේද;
(v) නොඑසේ නම්, එම වන්දි ගෙවීමට කටයුතු කරන දිනය කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-04-08
අසන ලද්දේ
ගරු ගරු අජිත් කුමාර මහතා, පා.ම., මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍ය කාර්යාලය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
(மாண்புமிகு தினேஷ் குணவர்தன)
(The Hon. Dinesh Gunawardena)
ගරු කථානායකතුමනි, අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර දෙනවා.
(අ) (i) මෙම සංවර්ධන සැලැස්ම යටතේ යෝජිතව ඇති ව්‍යාපෘතින් හා සම්බන්ධ ආයතනවලින් අදාළ අරමුදල් ලබා ගැනීමට සැලසුම් කර ඇත.
(ii) රුපියල් මිලියන 2300යි.
(iii) ඔව්. ඉඩම් අත් පත් කර ගැනීමේ පනත අනුව අවශ්‍ය ඉඩම් අත් පත් කර ගැනීම සිදු වෙමින් පවතී.
(iv) 1950 අංක 9 දරන ඉඩම් අත් පත් කර ගැනීමේ පනත සහ සංශෝධිත පනත් ප්‍රකාරව 38(අ) අතුරු විධාන ආඥාව.
(v) නාගරික සංවර්ධන අධිකාරිය මඟින් සහ මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් අත් පත් කර ගෙන ඇති සහ අත් පත් කර ගැනීමට යෝජිත ඉඩම් සඳහා වන්දි මුදල් ගෙවීමට කටයුතු කරනු ලැබේ.
(vi) මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ඉමදුව ප්‍රාදේශීය සභාව, වෙළෙඳ සංගමය සහ වෙළෙඳ ප්‍රජාව කැඳවා වන්දි ලබා දෙන බව ප්‍රකාශ කර ඇත.
(vii) ඔව්.
(viii) නව නගර සැලැස්ම ක්‍රියාත්මක කරනු ලබන කලාපය තුළ එයට ඉතා ආසන්නව විකල්ප ව්‍යාපාරික ස්ථාන ලබා දෙනු ලැබේ.
(ආ) (i) මීටර් 28.
(ii) මීටර් 15.2.
(iii) මෙහිදී පවරා ගැනීමක් සිදු නොවන අතර අත් පත් කර ගැනීමේ කටයුතු ඉමදුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් සිදු කරමින් පවතී.
(iv) ඔව්.
(v) ඉඩම් අත් පත් කර ගැනීමේ පනතට අනුව වන්දි පරීක්ෂණය අවසන් කිරීමෙන් අනතුරුව වන්දි ගෙවීමේ කටයුතු කරනු ලැබේ.
(ඇ) පැන නොනඟියි.
පිළිතුරු දුන් දිනය
2014-04-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks