01

E   |     |  

 දිනය: 2013-11-26   පිළිතුර ලබා දී ඇත 

3934/2013: සිලෝන් ෂිපිං ලයින්ස් ආයතනය : ආදායම

3934/’13

 

ගරු සුජීව සේනසිංහ මහතා,— මහාමාර්ග, වරාය හා නාවික අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)      සිලෝන් ෂිපිං ලයින්ස් ආයතනයට අයත් නෞකා සංඛ්‍යාව කොපමණද;

            (ii)      එයින් කල් බදු මත ලබා දී ඇති නෞකා සංඛ්‍යාව  කොපමණද;

           (iii)      එම නැව් ලබාදී ඇති අයගේ නම් කවරේද;

  (iv)  එමගින් දැනට උපයා ඇති බදු ආදායම කොපමණද;

  (v)  සිලෝන් ෂිපිං ලයින්ස් ආයතනය සතු සියලු නෞකාවලින් ලබන ආදායම කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-11-26

අසන ලද්දේ

ගරු නීතිඥ අර්ජුන සුජීව සේනසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහාමාර්ග, වරාය හා නාවික

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)  සිලෝන් ෂිපිං ලයින්ස් ආයතනය, නෞකා අයිතිකරුවකු වශයෙන් ශ්‍රී ලංකා ධජය යටතේ ලියා පදිංචි කර නොමැත.

               (i)       අදාළ නොමැත.

              (ii)       අදාළ නොමැත.

             (iii)      අදාළ නොමැත.

             (iv)       අදාළ නොමැත.

              (v)       අදාළ නොමැත.

(ආ)          සිලෝන් ෂිපිං ලයින්ස් ආයතනය ශ්‍රී ලංකා ධජය යටතේ නෞකා  ලියා පදිංචි කර නොමැති හෙයිනි.

පිළිතුරු දුන් දිනය

2013-12-26

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රෝහිත අබේගුණවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks