01

E   |     |  

 දිනය: 2014-07-24   පිළිතුර ලබා දී ඇත 

3835/2014: ඒ. පියල් හේමන්ත මහතා: නැවත සේවයේ පිහිටුවීම

3835/’13

 

ගරු බුද්ධික පතිරණ මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)       හබරාදුව, ලනුමෝදර පදිංචි ඒ. පියල් හේමන්ත මහතා 1991.01.15 වැනි දින පොලිස් සේවයට බැඳී දිවයිනේ විවිධ ප්‍රදේශවල සේවය කර ඇති නිලධාරියෙකු බවත්;

(ii) 2010 වර්ෂයේ සිට කැලණිය කොට්ඨාසයේ, පෑලියගොඩ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ බවත්;   

(iii) ඔහු තම සේවා කාලය තුළදී පෙන්වන ලද විවිධ දක්ෂතා වෙනුවෙන් මූල්‍ය ත්‍යාගයන් පවා ලැබූ නිලධාරියෙකු බවත්;

(iv) 2011.04.13 වැනි දින රාජකාරී විවේකයෙන් පසු නිවසට පැමිණි අවස්ථාවේ දී සර්පයෙකු දෂ්ට කිරීම හේතුකොටගෙන මාස කිහිපයක් සිහිමුර්ඡා තත්ත්වයෙන් පසුවීම නිසා හේමන්ත මහතාට සේවයට වාර්තා කිරීමට හෝ තම අසනීප තත්ත්වය පිළිබඳව සේවා ස්ථානයට දැනුම්දීමට හෝ නොහැකි වී ඇති බවත්;

(v) මෙම තත්ත්වය යටතේ 2011.05.14 වැනි දින සිට ඔහු තනතුර අතහැර ගිය අයෙකු සේ සලකා නියෝගයක් නිකුත්  කර ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) හේමන්ත මහතා පොලිස් සේවයේ යෙදී සිටියදී විවිධ දක්ෂතා දක්වන ලද නිලධාරියෙකු වූ බැවින් ඔහු නැවත සේවයේ පිහිටුවීමට  කටයුතු කරන්නේද;

(ii) එසේ නම්, එම දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-07-24

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍ය කාර්යාලය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       ඔව්.

              (ii)      ඔව්. 2010.07.01වන දින සිට 2011.05.13වන දින දක්වා.

             (iii)      ඔව්.

             (iv)       නිලධාරියාගේ අසනීප තත්ත්වයක් පිළිබඳව පෑලියගොඩ පොලිස් ස්ථානයට  කිසිදු දැනුම්දීමක් කර නොමැත.

              (v)       ඔව්.

(ආ)         (i)      නැත.

              (ii)       පැන නොනඟී.

(ඇ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2014-07-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks