පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3733/’13
ගරු රන්ජන් රාමනායක මහතා,— විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) සවුදි අරාබියේදී ගෙල සිඳීමේ දඬුවමට හසුව මියගිය මුත්තූර්හි, බාලවයස්කාර රිසානා නාෆික් නමැති පාසල් ශිෂ්‍යාව රවටා ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර ඇතුළු ලියකියවිලි සාදා විදේශගත කිරීමේ වරද හේතුවෙන් ලියාපදිංචිය අහෝසිකළ “ඔමාර් ට්‍රැවල්ස්” නමැති රැකියා ඒජන්සිය නැවත “ඔමල්කා ට්‍රැවල්ස්” යන නාමයෙන් ලියාපදිංචි වී ඇති බව දන්නේද;
(ii) අසාධු ලේඛනගතවූ “ඔමාර් ට්‍රැවල්ස්” ඒජන්සිය එම අධ්‍යක්ෂ මණ්ඩලය යටතේ ම වෙනත් නමකින් ලියාපදිංචි කිරීමට අවසරදීමට හේතු කවරේද;
(iii) එවැනි අවසරදීමක් සිදුකිරීම හේතුවෙන් කූට ඒජන්සිකරුවන් තව තවත් අපරාධවලට පෙළඹෙන බවත්, ව්‍යාජ ලිපිලේඛන සෑදීමට බිය නොවන බවත් පිළිගන්නේද;
(iv) එසේ නම්, එම තත්ත්වය නිවැරදි කිරීමට පියවර ගන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-03-18
අසන ලද්දේ
ගරු රන්ජන් රාමනායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) කාර්යාංශ බලපත්‍ර අංක 2042 "ඔමර් ට්‍රැවල්ස්" විදේශ රැකියා ආයතනය මගින් සවුදි අරාබියේ රැකියා සඳහා යොමු කරන ලද රිසානා නාෆීක් මෙනවිය පිළිබඳ පැමිණිල්ලත් සමග එම ආයතනයේ කාර්යාංශ බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කර ඇත. එම බලපත්‍රයේ හිමිකාරිත්වය ගිංතොට හේවා විතානගේ රේණුකා ප්‍රියංගනී මහත්මිය විසින් දරන ලදී. මෙම කරුණ සම්බන්ධව විභාග කොට අදාළ ආයතනයට එරෙහිව ක්‍රියා කිරීම සඳහා අවශ්‍ය ලිපි ලේඛන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කළ අතර කාර්යාංශය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අවශ්‍ය සියලු සහයෝගය ලබා දී ඇත. එහෙත් මෙම ඔමර් ට්‍රැවල්ස් ආයතනයේ බලපත්‍රලාභිනිය මෙම ව්‍යාජ ලිපි ලේඛන සකස් කිරීම සඳහා සහභාගි වූ බවට නඩු තීන්දුවේදී සඳහනක් නොවන අතර ඇය මෙම නඩුවේ සාක්ෂිකාරියක් පමණක් බැවින් අධිකරණයෙන් ඇයව නිර්දෝෂී කර ඇති බව පෙනේ.
කාර්යාංශ බලපත්‍ර අංක 2557 "ඔමල්කා ට්‍රැවල්ස්" තනි පුද්ගල ව්‍යාපාරයක් වශයෙන් ආරම්භ කිරීම සඳහා ජාතික හැඳුනුම්පත් අංක 801883257v හිමි ගිංතොට හේවා විතානගේ ක්‍රිශාන්ත නැමැත්තා 2010/11/26 වන දින අයදුම් පත්‍රයක් කාර්යාංශයට ඉදිරිපත් කර ඇත. එම අයදුම් පත්‍රය පරීක්ෂා කිරීමෙන් අනතුරුව 2011/04/01 දින සිට වලංගු වන පරිදි තනි පුද්ගල ව්‍යාපාරයක් ලෙස ඉහත නමින් රැකියා නියෝජිත ආයතනයක් පවත්වා ගෙන යාම සඳහා කාර්යාංශය බලපත්‍රය ලබා දී ඇත. (තනි පුද්ගල ව්‍යාපාරයක් ලියා පදිංචි කිරීමේ සහතිකයේ පිටපත හා බලපත්‍රයේ පිටපත මේ සමග අමුණා ඇත.)
තනි පුද්ගල ව්‍යාපාරයක් ලියා පදිංචි කිරීමේ සහතිකයේ පිටපත හා බලපත්‍රයේ පිටපත සභාගත* කරමි.
(ii) "ඔමල්කා ට්‍රැවල්ස්" විදේශ රැකියා ආයතනය පුද්ගලික සමාගමක් බවට පත් කිරීම සඳහා 2012/01/04 දිනැති ලිපියක් මගින් ගිංතොට හේවා විතානගේ ක්‍රිශාන්ත මහතා විසින් ඉල්ලීමක් කර ඇත. ඒ අනුව කාර්යාංශ පනතේ විධිවිධානවලට යටත්ව 2012/04/01 දින සිට ඔමල්කා පුද්ගලික සමාගම ලෙස කාර්යාංශ බලපත්‍රය ප්‍රදානය කර ඇත.
(iii) අදාළ නැත.
(iv) බලපත්‍ර අංක 2557 දරන "ඔමල්කා ට්‍රැවල්ස්" රැකියා නියෝජිත ආයතනය සමාගමක් බවට පත් කිරීමේදී එහි බලපත්‍රලාභී ගිංතොට හේවා විතානගේ ක්‍රිශාන්ත නැමැත්තා විසින් ඉදිරිපත් කර තිබූ පෞද්ගලික තොරතුරු ඇතුළත් වාර්තාව පවුලේ සාමාජිකයන් පිළිබඳව කරුණු වසන් කර ඉදිරිපත් කරමින් අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා මුල් වරට සඳහන් නොකරන ලද සහෝදරියක් වන ගිංතොට හේවා විතානගේ රේණුකා ප්‍රියංගනී මහත්මිය නම් කර ඇත. ඇය කාර්යාංශය විසින් බලපත්‍රය තාවකාලිකව අත්හිටුවන ලද 2042 "ඔමර් ට්‍රැවල්ස්" ආයතනයේ බලපත්‍රලාභිනියයි. එම කරුණු අනාවරණය වූ පසු කූට ලේඛන ඉදිරිපත් කිරීම මගින් කාර්යාංශ බලපත්‍රය ලබා ගැනීම මත බලපත්‍ර අංක 2557 දරන ඔමල්කා ට්‍රැවල්ස් පුද්ගලික ආයතනයේ බලපත්‍රය 2013/03/06 වන දින සිට අවලංගු කර ඇත. මෙය 2009 අංක 56 දරන සංශෝධිත පනත හා 1994 අංක 04 සංශෝධිත පනතින් යුත් 1985 අංක 21 දරන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනතේ 31 වන වගන්තියේ (1) උපවගන්තිය (vi) අනුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා විසින් ගනු ලැබූ තීරණයක් වන අතර එම නියෝගය ලිඛිතව අදාළ බලපත්‍රලාභියා වෙත 2013/03/06 වන දිනෙන් ඉදිරිපත් කර ඇත.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2014-06-17
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ඩිලාන් පෙරේරා මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks