පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3691/’13
ගරු අනුර දිසානායක මහතා,— ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ආදායම් ලැබෙන මාර්ග කවරේද;
(ii) 2005 වර්ෂයේ සිට 2012 දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඉහත ආදායම් මාර්ගවලින් ලැබුණු මුළු ආදායම වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) 2005 වර්ෂයේ සිට 2012 වර්ෂය දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඒ ඒ අවශ්‍යතා වෙනුවෙන් වැය කළ මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) ක්‍රිකට් ක්‍රීඩාවේ සංවර්ධනය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතු නව වැඩපිළිවෙළ කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-05-20
අසන ලද්දේ
ගරු අනුර දිසානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
ක්‍රීඩා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) මූලික වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ආදායම් ලැබෙන මාර්ගයන් පහත සඳහන් අයුරු වේ.
* ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර කණ්ඩායම් සමඟ පවත්වනු ලබන ද්විපාර්ශ්වික සහ ත්‍රෛපාර්ශ්වික තරගාවලි තුළින්,
* ශ්‍රී ලංකාවේ හෝ පිටතදී පවත්වනු ලබන අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (ICC)
සහ ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ තරගාවලි තුළින්,
* ජාතික කණ්ඩායම සහ වෙනත් ජාතික තලයේ කණ්ඩායම් සඳහා වූ වාණිජමය අනුග්‍රාහකයින් තුළින්,
(ii) ඇමුණුම "අ" හි දක්වා ඇත.
(iii) ඇමුණුම "ආ" හි දක්වා ඇත.
(iv) ක්‍රීඩා සංවර්ධනය සඳහා දීර්ඝ කාලීන තෙවැදෑරුම් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක වන අතර එය පහත දැක්වෙන ආකාරයට වේ.
* පාසල් ක්‍රිකට් සංවර්ධනය
* ප්‍රාදේශීය ක්‍රීඩා සමාජ සංවර්ධන වැඩසටහන
* ප්‍රදේශීය සහ පාසල් යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන්
ඉහත දැක්වූ වැඩසටහන් 'ගමට ක්‍රිකට්' යන සංකල්පය අනුව ශ්‍රී ලංකාව පුරාම ප්‍රචලිත වන ක්‍රියාකාරී වැඩසටහන් වන අතර, දිවයින පුරා සහජ දක්ෂතාවයන්ගෙන් හෙබි ක්‍රිකට් ක්‍රීඩකයින් හඳුනාගැනීමත්, ඔවුනට ඉදිරියට ඒම සඳහා අවශ්‍ය මූලික පහසුකම් සහ අවශ්‍යතාවයන් සැපයීමත් සහ සැමවිටම ජාතික කණ්ඩායමක් සඳහා පසු පෙළක් බිහි කිරීමත් මෙහි ප්‍රධාන අරමුණ වේ.
(ආ) පැන නොනඟී
පිළිතුරු දුන් දිනය
2014-05-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks