පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3686/’13
ගරු රන්ජන් රාමනායක මහතා,— විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් ඇති ශ්‍රී ලාංකික කාන්තාවන් 300කට වැඩි පිරිසක් එහිදී ඔවුන්ට මුහුණ පෑමට සිදු වී ඇති විවිධ තාඩන, පීඩන සහ අතවර හේතුවෙන් සේවා ස්ථානවලින් පැනයාම නිසා වෙනත් කිසිදු චෝදනාවක් නොමැතිව පොලිස් අත්අඩංගුවේ සහ සිර කඳවුරුවල රඳවාගෙන සිටින බවත්;
(ii) එලෙස කරදර හිරිහැරවලට ලක්ව සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ දුක් ගැනවිලි සම්බන්ධයෙන් සොයා බලා ක්‍රියා කිරීම සඳහා කුවේට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට අනුයුක්ත කර ඇති ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ගෙන් එම ගැටලු විසඳීම සඳහා ක්‍රමවත්, කඩිනම් ප්‍රතිචාරයන් නොලැබෙන බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) දැනට ක්වේට් රාජ්‍යයේ කඳවුරුවල රඳවා සිටින පිරිස් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-09-05
අසන ලද්දේ
ගරු රන්ජන් රාමනායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් මිනී මැරීම, සොරකම් කිරීම, මත් ද්‍රව්‍ය හා මත්පැන් භාවිතය, අනියම් සබඳතා වැනි හේතු මත එරට සිර දඬුවම් ලබන මුළු සංඛ්‍යාව 160කට ආසන්නය. විවිධ හේතු මත තම සේවා ස්ථානවලින් පැන ගොස් කුවේට්හි නීති විරෝධීව රැඳී සිටින ශ්‍රමිකයන් එරට පොලීසිය මඟින් අත් අඩංගුවට ගෙන රැඳවුම් මධ්‍යස්ථානය වෙත යොමු කරනු ලබයි. ඉන් අනතුරුව ඔවුන් මෙරටට පිටමං කිරීම සඳහා තම ස්වාමියා විසින් ගොනු කර ඇති පැමිණිලි ඉවත් කිරීම, ඇඟිලි සලකුණු ලබා ගැනීම, තාවකාලික පිටත්වීමේ අවසර පත්‍ර නිකුත් කිරීම සිදු කරනු ලැබේ. මෙම ක්‍රියාවලිය අවසන් වන තෙක් ඔවුන් රැඳවුම් මධ්‍යස්ථානවල තබා ගනු ලැබේ.
(ii) එලෙස විවිධ වැරදි සම්බන්ධයෙන් දඬුවම් ලබන ශ්‍රී ලාංකිකයින් පිළිබඳව සොයා බැලීමේ විෂය පථය අයත් වන්නේ විදේශ කටයුතු අමාත්‍යාංශය මඟින් පත් කර ඇති කොන්සියුලර් අංශයේ නිලධාරින් වෙතය. විදේශ කටයුතු අමාත්‍යාංශය විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහාය පතන සෑම අවස්ථාවකම අපි ඔවුන්ට ඒ සහාය ලබා දෙනවා ඇත.
මෙරටට පිට මං කිරීම සඳහා තාවකාලික කඳවුරුවල සිටින අය ගෙන්වා ගැනීම වෙනුවෙන් තාවකාලික පිටවීමේ අවසර පත්‍ර සෑදීම හා ලංකාවට පැමිණීම සඳහා ගුවන් ටිකට් පත් ලබා දීම විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් කිසිදු ප්‍රමාදයකින් තොරව සිදු කරනු ලැබේ. මෙලෙස රැඳවුම් භාරයේ සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් නිරන්තර අධීක්ෂණ කටයුතු කරමින් සිටින අතර, ඔවුන්ට මෙරටට පැමිණීම පිණිස අවශ්‍ය සහාය හැකි ඉක්මනින් ලබා දෙනු ඇත.
(ආ) ඉහත පිළිතුර අදාළ වේ.
(ඇ) එරටේ නීති රීති අනුව හැකි ඉක්මනින් ගෙන්වා ගැනීමට කටයුතු කරමින් සිටී.
පිළිතුරු දුන් දිනය
2014-04-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ඩිලාන් පෙරේරා මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks