පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3656/’13
ගරු වසන්ත අලුවිහාරේ මහතා,— සමාජ සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මහින්ද චින්තනයේ පිටු අංක 47 යටතේ ආබාධිත, වයෝවෘද්ධ සමෘද්ධිලාභියෙකු සිටින පවුල් සඳහා රුපියල් 3000/- ක මාසික දීමනාවක් ලබා දෙන බවට සඳහන්ව ඇති බවත්;
(ii) මහින්ද චින්තන ඉදිරි දැක්මෙහි පිටු අංක 193 අනුව එය තහවුරු කර ඇති බවත්;
(iii) ඉහත සඳහන් ප්‍රකාශයන් අනුව හිමිවන දීමනාව ලබා ගැනීම සඳහා ආබාධිත තත්ත්වයේ පසුවන සමෘද්ධි සහනාධාරලාභියෙකු වන කුරුණෑගල බමුණාකොටුව, කඩිහාරයෙහි පදිංචි ඩබ්ලිව්. එම්. බී. ඒ. වීරසේකර මහතා 2012.05.14 දින දුබලතා ඇති පුද්ගලයන් සඳහා වන ජාතික ලේකම් කාර්යාලයට අයදුම්පතක් යොමු කර ඇති බවත්;
(iv) එම අයදුම්පත මේ වන විට පොරොත්තු ලේඛනයට ඇතුළත් කර ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) රුපියල් 3000/- ක දීමනාව ලබාගැනීමට 2012.05.21 දින සිට පොරොත්තු ලේඛනයේ සිටින වීරසේකර මහතාට එම දීමනාව ලබාදීමට පියවර ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-08-21
අසන ලද්දේ
ගරු වසන්ත අලුවිහාරේ මහතා, පා.ම.
අමාත්‍යාංශය
සමාජ සේවා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) i මහින්ද චින්තනයේ පිටු අංක 47හි නොව 10 වන පිටුවේ සඳහන් කර ඇත.
(කිසිදු ආදායමකට හිමිකම් නොලබන ආබාධිත සහිත පුද්ගලයන් සිටින පවුලක් සඳහා මසකට රු. 3000/-ක් ලබා දෙන්නෙමි යනුවෙන් සඳහන් වී ඇත.)
ii මහින්ද චින්තන ඉදිරි දැක්මෙහි 192 හා 193 පිටු අංකවල තහවුරු කර ඇත.
iii ඩබ්ලිව්.එම්.බී.ඒ. වීරසේකර මහතාගේ 2012.04.10 දිනැති ඉල්ලුම් පත්‍රය 2012.07.23 වන දින බමුණාකොටුව ප්‍රාදේශීය ලේකම් විසින් ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ වෙත ඉදිරිපත් කර ඇත.
iv පොරොත්තු ලේඛනයට ඇතුළත් කර නොමැත.
(වීරසේකර මහතා ආබාධිත පුද්ගලයකු නොවන බැවින්, රු. 3000/-ක මාසික දීමනාව ලබා දීමට ග්‍රාම නිලධාරි, සමාජ සේවා නිලධාරි හා ප්‍රාදේශීය ලේකම් විසින් නිර්දේශ කර නොමැත.)
(ආ) අදාළ නොවේ.
(ඇ) අදාළ නොවේ.
* ගරු මන්ත්‍රීතුමා විසින් නිර්දේශිත වීරසේකර මහතා සම්බන්ධයෙන් ප්‍රධාන කාර්යාලයේ සමාජ සේවා නිලධාරි විසින් පුද්ගලිකව ඔහු පිළිබඳව පරීක්ෂා කර බලා මා වෙත වාර්තාවක් යොමු කරන ලදී. ඔහු අවුරුදු 70ට වැඩි වයෝවෘද්ධ පුද්ගලයෙකු බැවින්ද, අඩු ආදායම් ලාභියෙකු වන බැවින්ද රු. 1000/- මාසික මහජනාධාර දීමනාව දැනටමත් ඔහුට ලබා දී ඇත
පිළිතුරු දුන් දිනය
2013-12-04
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks