පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3653/’13
ගරු බුද්ධික පතිරණ මහතා,— පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) පුත්තලම දිස්ත්‍රික්කයේ, විල්පත්තුව ජාතික වනෝද්‍යානය හා අඛණ්ඩව බැදී ඇති වීරක්කුලිචෝලෙ - එළුවන්කුලම යෝජිත රක්ෂිතයට අයත් තබ්බෝව අභය භූමිය හා බැඳී පවතින අක්කර 250 ක භූමි ප්‍රදේශයක් එච්. වී. ඒ. ෆාම් ආයතනය මගින් මේ වන විට බැකෝ යන්ත්‍ර ආධාරයෙන් එළිපෙහෙළි කරන බවත්;
(ii) රජයට අයත් මෙම වනාන්තර භූමිය සඳහා ව්‍යාජ ඔප්පුවක් සකසා ඇති බවත්;
(iii) වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් විසින් මෙම වනාන්තර භූමිය සඳහා සකස් කර ඇති ව්‍යාජ ඔප්පුව සඳහා නීත්‍යානුකූලභාවයක් ලබාදීමට කටයුතු කර ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) ඉහත ආයතනය වනාන්තර භූමිය තුළ සිදු කරනු ලබන ඉදිකිරීම් සඳහා නීත්‍යානුකූල අවසරය ලබාගෙන තිබේද;
(ii) වනජීවී හා පුරාවිද්‍යා රක්ෂිතද පිහිටි ඉහත සඳහන් ප්‍රදේශයේ එච්. වී. ඒ. ෆාම් ආයතනය පවත්වා ගෙන යාම නිසා දැඩි පරිසර හානියක් සිදුවන බව පිළිගන්නේද;
(iii) එසේ නම්, එම තත්ත්වය වැළැක්වීම සඳහා පියවර ගන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-06-20
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
පරිසර හා පුනර්ජනනීය බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනා අංක 35/7007 යටතේ, පුත්තලම දිස්ත්‍රික්කයේ, වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, රාල්මඩුව ග්‍රාම නිලධාරි වසමේ, වන සංරක්ෂණ දෙපාර්තමේන්තු පාලනයේ පැවැති වීරක්කොඩිචෝලේ, එළුවන්කුලම ප්‍රදේශයෙන් අක්කර 225ක් එච්.වී.ඒ.ෆාම්ස් ආයතනය වෙත පැවරීමට කටයුතු කරන ලෙසට 2008.02.25 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් වන සංරක්ෂණ ජනරාල් වෙත නියෝගයක් නිකුත් කරන ලදී.
ඒ අනුව ඉහත ස්ථානයේ අක්කර 225ක් දිස්ත්‍රික් ඉඩම් පරිහරණ කමිටුවේ නිර්දේශය සහ අන්තර් අමාත්‍ය කමිටුවේ අනුමතිය මත ඉහත ආයතනය වෙත පැවරීම සඳහා 2008.09.25වන දින වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් වෙත භාර දී ඇත.
මෙම බිම් කොටස් තුළ එම ආයතනය මඟින් එළි කිරීම් සිදු කරන බව වාර්තා වී ඇත.
(ii) නොදනී.
(iii) නොදනී.
(ආ) (i) මෙම බිම් කොටස් මේ වන විටත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තු පාලනයට ඇතුළත් නොවන බැවින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවසරයක් ලබා ගැනීම අදාළ නොවේ.
(ii) පරිසර හානියක් සිදු වන්නේ නම් ඒ පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරිය මඟින් සොයා බලා කටයුතු කිරීමටත්, වයඹ පළාත් මධ්‍යම පරිසර අධිකාරියේ අධීක්ෂණයට යොමු කිරීමටත් කටයුතු කරන බව දන්වමි.
(iii) ඉහත අංක (ii) අනුව වයඹ පළාත් මධ්‍යම පරිසර අධිකාරිය මඟින් ද මේ සම්බන්ධයෙන් පියවර ගත හැක.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2014-06-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks