පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3652/’13
ගරු බුද්ධික පතිරණ මහතා,— වනජීවී සම්පත් සංරක්ෂණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) හබරණ හා උඩවලව ප්‍රදේශවලින් අල්ලා ගන්නා ලද අලි පැටවුන් විසි දෙදෙනෙකු පමණ නීති විරෝධී ලෙස විවිධ ව්‍යාපාරිකයින්ගේ සහ දේවාල හා විහාරස්ථාන භාරයේ රඳවාගෙන සිටින බවත්;
(ii) ඊට එරෙහිව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කිසිදු පියවරක් ගෙන නොමැති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉහත (අ)(i) හි සඳහන් කරුණ සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගැනීමට හේතු කවරේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) (i) ‘හීලෑ අලි ඇතුන්ගේ සංගමය’ නමින් සමාගමක් ලියාපදිංචි කර ඇති බව දන්නේද;
(ii) මෙම සංගමයේ නිලධාරීන් විසින් අලි ඇතුන් තම භාරයේ තබා ගනිමින් සමාජයට වැරදි ආදර්ශ ලබා දෙන බව පිළිගන්නේද;
(iii) හීලෑ අලි ඇතුන්ගේ සංගමයේ නිලධාරීන් විසින් තම භාරයේ අලි ඇතුන් රඳවා ගැනීම ජාවාරමක් බවට පත්කරගෙන ඇති බැවින්, ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වා එම තත්ත්වය වැළැක්වීම සඳහා අවශ්‍ය කටයුතු කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-06-20
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
වනජීවී සම්පත් සංරක්ෂණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) කැලෑවලින් නීති විරෝධී ලෙස අල්ලා ගත් අලි පැටවුන් සම්බන්ධ තොරතුරු ලැබෙන නමුත්, නිශ්චිත සංඛ්‍යාවක් දැක්වීම අපහසුය.
(ii) පහත සඳහන් ක්‍රියා මාර්ග ගෙන ඇත.
ලැබෙන තොරතුරු අනුව නීති විරෝධී ලෙස අලි පැටවුන් රඳවා ගෙන ඇති ස්ථාන වටලා නීතිමය ක්‍රියා මාර්ග ගැනීම.
දෙපාර්තමේන්තුවේ වැටලීම් අංශය ශක්තිමත් කිරීම.
ලියා පදිංචි වී ඇති අලින් සඳහා DNA පරීක්ෂා සිදු කිරීම සහ microchip පැළඳවීමට කටයුතු සැලසුම් කර ඇත.
නව නිලධාරින් බඳවා ගැනීම මඟින් වන අලින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කිරීම.
(ආ) අදාළ නොවේ.
(ඇ) (i) වනජීවී සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයෙහි හෝ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ එවැනි සංගමයක් ලියා පදිංචි වී නොමැත.
(ii) නොදනී.
(iii) නීති විරෝධී ලෙස අලි පැටවුන් ලබා ගෙන සිටින අය පිළිබඳව ලැබෙන තොරතුරු අනුව පරීක්ෂණ සිදු කර ඔවුන්ට එරෙහිව නීත්‍යනුකූල ක්‍රියා මාර්ග ගනු ලැබේ.
(ඈ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2014-06-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු විජිත් විජයමුණි සොයිසා මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks