පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3650/’13
ගරු බුද්ධික පතිරණ මහතා,— ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වැලිගම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුළ කුඹුරු ඉඩම් ගොඩ කරනු ලබන බවට ජනතාව චෝදනා කරන බව දන්නේද;
(ii) 2005 වර්ෂයේ සිට මේ දක්වා එම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුළ අනවසරයෙන් ගොඩ කර ඇති කුඹුරු ඉඩම් ප්‍රමාණය කොපමණද;
(iii) එම අනවසර ගොඩ කිරීම්වලට අදාළව පැමිණිලි ලැබී තිබේද;
(iv) එසේ නම්, ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව කොපමණද;
(v) එම පැමිණිලි සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා නීත්‍යානුකුලව කටයුතු කර තිබේද;
(vi) ඒ අනුව ගෙන ඇති ක්‍රියා මාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) 2005 වර්ෂයේ සිට මේ දක්වා වැලිගම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුළ කුඹුරු ඉඩම් ගොඩ කිරීම නීත්‍යානුකූල අවසරය ලබාගෙන තිබේද;
(ii) එසේ නම්, ගොඩ කිරීම සඳහා අවසර ලබා දී ඇති කුඹුරු ඉඩම් ප්‍රමාණය කොපමණද;
(iii) එම කුඹුරු ඉඩම් ගොඩ කිරීමට අවසර ලබා දීමට හේතු කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-06-17
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
ආර්ථික සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) වැලිගම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුළ කුඹුරු ඉඩම් ගොඩකිරීම් පිළිබඳව පැමිණිලි ලැබී ඇතත්, පැමිණිලි ප්‍රමාණයේ ක්‍රමානුකූල අඩුවීමක් දක්නට ලැබේ.
(ii) අක්කර 02, පර්චස් 30.
(iii) ඔව්.
(iv) පැමිණිලි 26යි.
|
අංකය |
පැමිණිලි ලැබූ වර්ෂය |
පැමිණිලි ගණන |
|
01 |
2005 |
05 |
|
02 |
2006 |
03 |
|
03 |
2007 |
- |
|
04 |
2008 |
- |
|
05 |
2009 |
01 |
|
06 |
2010 |
02 |
|
07 |
2011 |
01 |
|
08 |
2012 |
03 |
|
09 |
2013 |
03 |
|
10 |
2014 |
08 |
|
|
එකතුව |
26 |
(v) ඔව්.
(vi) ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා පැමිණිලි 01 සඳහා පස් ඉවත්කර යථාවත් කර ඇත.
පැමිණිලි 09ක් සඳහා නඩු පවරා ඇත.
පැමිණිලි 16ක් සම්බන්ධයෙන් පොලීසියේ පැමිණිලි කර ඇත.
(ආ) (i) නැත.
(ii) අදාළ නොවේ.
(iii) අදාළ නොවේ.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2014-06-17
විසින් පිළිතුරු දෙන ලදී
ගරු එස්. එම්. චන්ද්‍රසේන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks