පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3634/’13
ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා,— වරාය හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) මාගම්පුර, මහින්ද රාජපක්ෂ වරායේ තෙල් ගබඩාකිරීමේ ටැංකි ඉදිකිරීමට අදාළව,
(i) ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු කළ අවසන් සමස්ත පිරිවැය කොපමණද;
(ii) එකී ව්‍යාපෘති පිරිවැය සඳහා අරමුදල් සපයාගත් ආකාරය කවරේද;
(iii) ණය පහසුකම් ලබාගෙන තිබේ නම්, එම ණය පහසුකම්වලට අදාළ කොන්දේසි කවරේද;
(iv) මූල්‍ය ගාස්තු හා ණය පොලී ගෙවීමෙන් ද අනතුරුව එකී ව්‍යාපෘතිය මුදල් ප්‍රවාහ සමායනයක් අත් කරගන්නේ කවර දිනකද;
(v) එම එක් එක් ටැංකියේ ධාරිතාව කොපමණද;
(vi) එක් එක් ටැංකියේ ඉදිකිරීම් අවසන් කළ දිනයන් හෝ ඉදිකිරීම් අවසන් කිරීමට අපේක්ෂිත දිනයන් කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) තෙල්නැව්වලින් ගෙන ඒමට අපේක්ෂා කරන නාවික යාත්‍රා ඉන්ධන, ගුවන්යානා ඉන්ධන සහ “එල්.පී. ගෑස්” එම නැව්වලින් ගොඩ බා, ගබඩා කර ගැනීම සඳහා අවශ්‍ය කරන ටැංකි සංඛ්‍යාව කොපමණද;
(ii) අද දක්වා එකී වරායට පැමිණ, ඉහත කී ඉන්ධන වර්ග ගොඩබා ඇති තෙල් නැව් සංඛ්‍යාව කොපමණද;
(iii) මුල් ව්‍යාපෘති වාර්තාවට අනුව එකී වරායට වර්ෂයකට පැමිණීමට අපේක්ෂිත තෙල් නැව් සංඛ්‍යාව සහ මාසයකට ගොඩබෑමට අපේක්ෂිත ඉහත කී ඉන්ධන වර්ග ප්‍රමාණය කොපමණද;
යන්නත් එතුමා වෙන් වෙන් වශයෙන් සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-07-23
අසන ලද්දේ
ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා, පා.ම.
අමාත්‍යාංශය
වරාය හා මහාමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු රෝහිත අබේගුණවර්ධන මහතා (වරාය හා මහාමාර්ග අමාත්‍යතුමා)
(மாண்புமிகு ரோஹித அபேகுணவர்தன - துறைமுகங்கள், நெடுஞ்சாலைகள் அமைச்சர்)
(The Hon. Rohitha Abeygunawardana - Minister of Ports and Highways)
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මා එම ප්‍රශ්නයට පිළිතුර සභාගත* කරනවා.
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
පිළිතුරු දුන් දිනය
2013-09-03
විසින් පිළිතුරු දෙන ලදී
ගරු රෝහිත අබේගුණවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks