01

E   |     |  

 දිනය: 2013-11-27   පිළිතුර ලබා දී ඇත 

3612/2013: 2011 වර්ෂය සඳහා අධ්‍යාපන විද්‍යා පීඨවලට බඳවා ගත් ශිෂ්‍ය සංඛ්‍යාව : විස්තර

3612/’13

 

ගරු රෝසි සේනානායක මහත්මිය,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)      2011 වර්ෂයේදී අධ්‍යාපන විද්‍යා පීඨවලට බඳවා ගනු ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාව කොපමණද;

            (ii)      අවසන්වරට අධ්‍යාපන විද්‍යා පීඨ 18 සඳහා ශිෂ්‍ය කණ්ඩායම් බඳවාගත් දිනයන් එක් එක් විද්‍යා පීඨය අනුව, වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ)  (i)  2011 වර්ෂයේ උසස් පෙළ සමත්ව එක් එක් අධ්‍යාපන විද්‍යා පීඨයට සුදුසුකම් ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

  (ii)  ඔවුන් බඳවා ගත් දිනයන් කවරේද;

  (iii)  එම බඳවා ගැනීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබු දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ)  නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-11-27

අසන ලද්දේ

ගරු ගරු රෝසි සේනානායක මහත්මිය, පා.ම., මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      3118කි.

              (ii)      2011 වර්ෂයේ දී සිසුන් බඳවා ගනු ලැබුවේ විද්‍යා පීඨ 17ක් සඳහා පමණි.

                        ජාතික අධ්‍යාපන විද්‍යා පීඨය     බඳවා ගත් දිනය

ඌව ජා.අ.වි.පී    2011 ජනවාරි 10

නිල්වලා ජා.අ.වි.පී    2011 ජනවාරි 10

සාරිපුත්ත ජා.අ.වි.පී    2011 ජනවාරි 10

සියනෑ ජා.අ.වි.පී    2011 ජනවාරි 10

හාපිටිගම ජා.අ.වි.පී 2011 ජනවාරි 10

මහවැලි ජා.අ.වි.පී 2011 මාර්තු 22

වව්නියා ජා.අ.වි.පී 2011 ජනවාරි 10

ශ්‍රීපාද ජා.අ.වි.පී 2011 ජනවාරි 10

අඩ්ඩාලට්චේන 2011 ජනවාරි 10

මඩකලපුව ජා.අ.වි.පී 2011 ජනවාරි 10

පස්දුන්රට‍ ජා.අ.වි.පී 2011 මාර්තු 28

පුලතිසිපුර ජා.අ.වි.පී 2011 ජනවාරි 10

වයඹ ජා.අ.වි.පී 2011 ජනවාරි 10

රුවන්පුර ජා.අ.වි.පී 2011 මාර්තු 01

රුහුණ ජා.අ.වි.පී 2011 ජනවාරි 10

යාපනය ජා.අ.වි.පී 2011 ජනවාරි 10

දර්ගා ජා.අ.වි.පී 2011 ජනවාරි 10

(ආ) (i) ජාතික අධ්‍යාපන විද්‍යා පීඨය සුදුසුකම් ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාව

ඌව ජා.අ.වි.පී. 120

නිල්වලා ජා.අ.වි.පී. 217

සාරිපුත්ත ජා.අ.වි.පී. 131

සියනෑ ජා.අ.වි.පී. 224

හාපිටිගම ජා.අ.වි.පී. 150

මහවැලි ජා.අ.වි.පී. 275

වව්නියා ජා.අ.වි.පී. 214

ශ්‍රීපාද ජා.අ.වි.පී. 190

අඩ්ඩාලච්චේන ජා.අ.වි.පී. 202

මඩකලපුව ජා.අ.වි.පී. 193

පස්දුන්රට ජා.අ.වි.පී. 269

පුලතිසිපුර ජා.අ.වි.පී. 155

වයඹ ජා.අ.වි.පී. 203

රුවන්පුර ජා.අ.වි.පී. 220

රුහුණ ජා.අ.වි.පී. 207

යාපනය ජා.අ.වි.පී. 200

දර්ගා ජා.අ.වි.පී. 140

පේරාදෙණිය ජා.අ.වි.පී. 120

මුළු එකතුව 3430

 

(ii) 2013.07.15

2013.10.10  (ඉංග්‍රීසි)

2013.09.12  (තොරතුරු තාක්ෂණය)

 

(iii) 2013.02.22

(ඇ) අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2013-11-27

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks