01

E   |     |  

 දිනය: 2013-08-23   පිළිතුර ලබා දී ඇත 

3601/2013: කොරියානු භාෂා විභාගය : සමත් අයදුම්කරුවන්

3601/’13

 

ගරු රන්ජන් රාමනායක මහතා,— විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)      කොරියානු රැකියා අවස්ථා සඳහා 2012 වර්ෂයේ පැවැත්වූ කොරියානු භාෂා විභාගයෙන් සමත් වූ අයදුම්කරුවන් සංඛ්‍යාව කොපමණද;

  (ii)  ඔවුන් අතරින් 2012 වර්ෂය තුළ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා කොරියානු රැකියා සඳහා පිටත්ව ගොස් ඇති ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව කොපමණද;

  (iii)  එසේ යවනු ලැබූ අයගේ නම් සහ ලිපිනයන් කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?        

(ආ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-08-23

අසන ලද්දේ

ගරු රන්ජන් රාමනායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

අ)            (i)      පුද්ගලයින් 4,392කි.

              (ii)       *   2012 වර්ෂය සඳහා කොරියානු භාෂා පරීක්ෂණ දිනයන්     2012.10. 13 සහ

                                2012.10.14

                         *   විභාග ප්‍රතිඵල නිවේදනය 2012.10.24 වේ. (පරීක්ෂණ     දින සිට දින 14ක් ඇතුළත කොරියානු මානව   සම්පත් දෙපාර්තමේන්තුව මඟින් ප්‍රතිඵල නිවේදනය කරනු ලබයි.)

                        කොරියානු භාෂා පරීක්ෂණය සමත් වූවන් සම්බන්ධයෙන් ප්‍රතිඵල නිවේදනය කළ දින සිට අදාළ වන ක්‍රමවේදය.

(1) දින 07ක් ඇතුළත වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කරනු ලබයි.

(2) දින 28ක් ඇතුළත සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවනු ලබයි.

(3) වෛද්‍ය පරීක්ෂණ හා සම්මුඛ පරීක්ෂණයෙන් පසුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් මාස 02ක් ඇතුළත පරීක්ෂණය සමත් වූවන් කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ ලියා පදිංචි කරනු ලබයි. (අයදුම්කරුවන්ගේ ලිපිගොනු සම්පූර්ණ කිරිම, ගමන් බලපත්‍ර ස්කෑන් කිරීම, වෛද්‍ය වාර්තා ලබාගැනීම, පොලිස් නිෂ්කාශණ වාර්තා ලබා ගැනීම, අයදුම්කරුගේ විභාග තොරතුරු, හා අයදුම් පත්‍රයේ ඇති තොරතුරු නිවැරදි දැයි පරීක්ෂා කිරීම)

(4) අයදුම්කරුවන් කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ ලියා පදිංචි කිරීමෙන් අනතුරුව කොරියානු  මානව සම්පත් දෙපාර්තමේන්තුව මඟින් අයදුම්කරුවන් වෙබ් අඩවියේ අනුමත කරනු ලබයි. (අයදුම්කරුවන් විසින් විභාග ප්‍රවේශ පත්‍රයේ සඳහන් කර ඇති නමෙහි හා ගමන් බලපත්‍රයේ සඳහන් තොරතුරුවල පවතින වෙනස්කම් ඇතොත් අයදුම්කරුවන්ට‍ වෙබ් අඩවියේ අනුමත වීමට කාලය ගතවනු ඇත.)

(5) පරීක්ෂණය සමත් අයදුම්කරුවන්ගේ වලංගු කාලය වෙබ් අඩවියේ අයදුම්කරුගේ තොරතුරු අනුමත වූ දින සිට ඉදිරියට වර්ෂ දෙකක් වේ. (පළමු ලියා පදිංචියෙන් වසරක් ගෙවුණු පසු නැවත වසරකට ලියා  පදිංචි කරනු ලැබේ.)

(6) අයදුම්කරුවන් සඳහා සේවා ගිවිසුම් නිකුත් කිරීම කොරියානු සේවා යෝජකයෙකු විසින් තෝරා ගැනීමෙන් අනතුරුව කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව හරහා පමණක් සිදු වේ.

2012 වර්ෂයේ පැවැත්වූ කොරියානු භාෂා විභාගයෙන් සමත් වූ අයදුම්කරුවන් කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ ලියා පදිංචි කිරීමෙන් පසු ඔවුන් සඳහා සේවා ගිවිසුම් නිකුත් කිරීම ආරම්භ කරන ලද‍්දේ 2012.12.27 දින වන අතර, 2012 වර්ෂයේදී එක් සේවා ගිවිසුම්පතක් පමණක් ලැබී ඇත. ඉන් පසු සේවා ගිවිසුම්පත් නිකුත් වී ඇත්තේ 2013.01.08 දින සිටය.

ඒ අනුව, රැකියාලාභියා විසින් සේවා ගිවිසුම අත්සන් කරන ලද දිනය 2013.01.01 වන අතර ඔහු විසින් ශාරීරික හා භාෂා පුහුණු පාඨමාලාවට සහභාගී වූ කාල සීමාව 2013.01.16 සිට 2013.01.26 විය. තවද ඔහු විසින් විදේශගත වීමට අදාළව ලිපිගොනු සම්පූර්ණ කිරීම, මුදල් ගෙවීම, වෛද්‍ය පරීක්ෂණ සඳහා සහභාගී කරවීම, පොලිස් වාර්තා ලබා ගැනීම සඳහා රැකියාලාභියා යොමු කරවීම (පොලිස් මූලස්ථානයෙන්ම වාර්තා ලබා ගැනීම කොරියානු රාජ්‍යය අනිවාර්ය කර ඇත. ) අදාළ ‍රෝහල් මගින් හා පොලිස් මූලස්ථානයෙන් වෛද්‍ය වාර්තා ලබා ගැනීම හා අදාළ තොරතුරු පරිගණකගත කිරීම සිදු කළ යුතුය.

ඉහතින් සඳහන් කරන ලද කාර්ය පටිපාටියට පසු අදාල පුද්ගලයා විදේශගත කරවීම හා සම්බන්ධව වීසා ලබා ගැනීම සඳහා ගුවන් ගමන් බලපත්‍ර කොරියානු තානාපති කාර්යාලයට යොමු කිරීම, විදේශගත කරවීමට‍ අදාළව ගුවන් ගමන් ප්‍රවේශ පත්‍ර වෙන් කරවා ගැනීම සිදු කළ යුතු වේ.

තවද පුද්ගලයෙකු විදේශගත කිරීම හා සම්බන්ධ  කාර්යයේදී  නිරන්තරයෙන් කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය හා සම්බන්ධ වීම අනිවාර්ය වන අතර, මේ සම්බන්ධයෙන්ද කාලය ගතවීමක් සිදු වේ.

ඒ අනුව, අදාළ පුද්ගලයාට සේවා ගිවිසුම ලද දිනය 2012.12.27 වුවද ඔහු විසින් විදේශගත වූ දිනය            2013.04.15 වේ. (ගුවන් සේවය- ඒෂියනා එයාලයින්ස් EK 348 QZ 752)

කොරියානු රැකියා සඳහා පිටත්ව ගොස් ඇති සංඛ්‍යා

 

2010

2011

2012

2013 (නොවැම්බර්)

විදේශගත වූ සංඛ්‍යාව

3,881

5,384

4,208

4,382

අයදුම්කරුවන් වෙබ් අඩවියේ වසර 02ක කාල සීමාවක් සඳහා ලියා පදිංචි වී පවතින අතර, අදාළ පරීක්ෂණ වර්ෂයේ සහ ඊට ප්‍රථම පරීක්ෂණවලට අදාළව විභාගය සමත්වූවන් සේවා ගිවිසුම් අත්සන් කිරීමෙන් අනතුරුව මේ යටතේ විදේශගත වී ඇත.

තවද 2012  වර්ෂය තුළ පවත්වන ලද 10 වන ‍කොරියානු භාෂා ප්‍රවීණතා පරීක්ෂණය සමත්ව මේ වන විට විදේශගත වී ඇති රැකියාලාභීන් සංඛ්‍යාව 772කි.

(iii) බාලචාරිගේ පසන් බුද්ධික මයා,

උලුගෙවත්ත II, විස්කම්පුර

පුවක්දණ්ඩාව,

බෙලිඅත්ත, හම්බන්තොට‍.

(ආ) පැන නොනඟී. 

 

පිළිතුරු දුන් දිනය

2013-12-12

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ඩිලාන් පෙරේරා මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks