පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3596/’13
ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා,— ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වේරැස් ගඟ වැසි ජලය අපවහන හා පරිසරය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය සඳහා කැස්බෑව ප‍්‍රදේශයෙන් පවරාගනු ලබන ඉඩම්වල හිමිකරුවන්ගේ නාම ලේඛනයක් ඉදිරිපත් කරන්නේද;
(ii) එම පුද්ගලයින්ගෙන් පවරා ගැනීමට කටයුතු කරන ඉඩම් ප්‍රමාණය කොපමණද;
(iii) එම ඉඩම්වල වගා කර ඇති කෘෂි භෝගයන් සම්බන්ධව ගනු ලබන පියවර කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-08-21
අසන ලද්දේ
ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා, පා.ම.
අමාත්‍යාංශය
ඉඩම් හා ඉඩම් සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා
(மாண்புமிகு நிமல் சிறிபால த சில்வா)
(The Hon. Nimal Siripala de Silva)
ගරු කථානායකතුමනි, ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර සභාගත* කරනවා.
* සභාමේසය මත තබන ලද පිළිතුර:
சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
Answer tabled:
(අ) (i) ඔව්. ඇමුණුම 01* වශයෙන් ඉදිරිපත් කරමි.
(ii) දැනට කැස්බෑව ප්‍රදේශයෙන් අත්කර ගන්නා ඉඩම්වලට අදාළව මූලික පිඹුර සැකසීමට කටයුතු කරන බැවින් අත්කර ගන්නා මුළු ඉඩම් ප්‍රමාණය නිවැරදිව මෙම අවස්ථාවේදී සඳහන් කළ නොහැක.
(iii) 2008 වසරේදී ඉඩම් අත්කර ගැනීමේ පනතට හඳුන්වා දුන් නව රෙගුලාසි යටතේ සහ වේරැස් ගඟ වැසි ජල අපවහන හා පරිසරය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ ඉඩම් අත්කර ගැනීම හේතුවෙන් බලපෑමට ලක්වන පුද්ගලයන් සඳහා දීමනා යෝජනාවලිය මැයෙන් වූ අංක අමප/13/0781/503/065 සහ 2013.07.08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි ප්‍රතිලාභ ගෙවීමට කටයුතු කරනු ලැබේ. සහන යෝජනාවලිය ඇමුණුම 02* වශයෙන් ඉදිරිපත් කරමි.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2013-10-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks