01

E   |     |  

 දිනය: 2014-05-23   පිළිතුර ලබා දී ඇත 

3593/2014: අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ කුඹුරු ඉඩම් : අනවසර ගොඩ කිරීම්

3593/’13

 

ගරු බුද්ධික පතිරණ මහතා,— ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුළ කුඹුරු ඉඩම් ගොඩකරනු ලබන බවට ජනතාව චෝදනා කරන බව දන්නේද;

            (ii)       2005 වර්ෂයේ සිට මේ දක්වා එම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුළ අනවසරයෙන් ගොඩකර ඇති  කුඹුරු ඉඩම් ප්‍රමාණය කොපමණද;

  (iii)  එම අනවසර ගොඩකිරීම්වලට අදාළව පැමිණිලි ලැබී තිබේද;

  (iv)  එසේ නම්, ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව කොපමණද;

  (v)  එම පැමිණිලි සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා නීත්‍යානුකුලව කටයුතු කර තිබේද;

  (vi)  ඒ අනුව ගෙන ඇති ක්‍රියා මාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ)  (i)  2005 වර්ෂයේ සිට මේ දක්වා අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුළ  කුඹුරු ඉඩම් ගොඩකිරීමට නීත්‍යානුකූල අවසරය ලබාගෙන තිබේද;

  (ii)  එසේ නම්,  ගොඩකිරීම සඳහා අවසර ලබා දී ඇති කුඹුරු ඉඩම් ප්‍රමාණය කොපමණද;

  (iii)  එම කුඹුරු ඉඩම් ගොඩකිරීමට අවසර ලබා දීමට හේතු කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ)  නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-05-23

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ආර්ථික සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුළ කුඹුරු ඉඩම් ගොඩ කිරීම් පිළිබඳව පැමිණිලි ලැබී ඇත.

              (ii)      අක්කර 04 රූඩ් 02 පර්චස් 4.5කි.

              (iii)      ඔව්.

              (iv)      පැමිණිලි 30කි. 

               (v)      ඔව්.               

              (vi)      ලැබී ඇති පැමිණිලි 30න් පැමිණිලි 20ක් සඳහා නඩු පවරා ඇත. පැමිණිලි 05ක් සඳහා නඩු පැවරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතී. තවද, පැමිණිලි 05ක් සම්බන්ධයෙන් පොලීසියේ පැමිණිලි කර ඇත.

(ආ) (i) නැත.

(ii) අදාළ නොවේ.

(iii) අදාළ නොවේ.

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2014-05-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු එස්. එම්. චන්ද්‍රසේන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks