01

E   |     |  

 දිනය: 2014-05-21   පිළිතුර ලබා දී ඇත 

3465/2014: කාබනික පොහොර නිෂ්පාදනය : අනුරාධපුර දිස්ත්‍රික්කය

3465/’13

 

ගරු පී. හැරිසන් මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)       අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහා පරිමාණයෙන් කාබනික පොහොර නිෂ්පාදනය කරන ගොවීන් සංඛ්‍යාව කොපමණද;

             (ii)       ඔවුන්ගේ නම්,  ලිපිනයන් හා දුරකථන අංක කවරේද;

(iii) 2012 මහ කන්නයේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ කාබනික පොහොර පමණක් භාවිතා කරමින් වගා කරන ලද බිම් ප්‍රමාණය  සහ එසේ වගා කටයුතු කරන ගොවීන්ගේ නම්, එක් එක් ගොවිජන සේවා මධ්‍යස්ථානය අනුව, වෙන් වෙන් වශයෙන් කවරේද;

  (iv) කාබනික පොහොර යොදා නිපදවන ලද වී වර්ගවල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සිදුකරන්නේද;

(v) එසේ නම්, එම ස්ථාන කවරේද;

(vi) කාබනික පොහොර යොදා නිපදවන වී වර්ග මිලදී ගන්නා ස්ථාන තිබේද;

(vii) එසේ නම්, එම ස්ථානවල නම් සහ ලිපිනයන් කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) නොඑසේ නම් ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-05-21

අසන ලද්දේ

ගරු පී. හැරිසන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      මහා පරිමාණ වාණිජ  නිෂ්පාදකයින්  ගණන එකොළහකි. (11කි.)

              (ii)      අනුරාධපුර දිස්ත්‍රික්කයේ කාබනික පොහොර වාණිජව නිෂ්පාදනය කරන  ගොවීන්.

අනු අංකය

 නම

ලිපිනය

දුරකථන           අංකය

    01

කේ.බී. කරුණාපාල

සරුබිම කාබනික පොහොර, සරුබිම කෘෂි සේවා පියස, නො. 126, එළිය දිවුල්වැව, එප්පාවල

071 - 752170

     02

එන්.කේ. විජේසිංහ

නුවර පාර, තිරප්පනේ.

071- 7236460

     03

එම්.එම්.පී.කපිල කිත්සිරි

රිටිගල හන්දිය, ගලපිටගල, ගනේවල්පාල, සේනාධිරියාගම, පලුගස්වැව

071-6921839

     04

ඊ.එම්.ජී. කරුණාරත්න

රජරට ඇග්‍රොමාකටින් පුද්ගලික සමාගම, 293, වෙරුන්කුලම පාර, කැකිරාව

 077-7316919

    05

මිල්රෝයි පෙරේරා

09 කණුව, ගලපිටගල, ගනේවල්පොල

077- 6134933 071- 1490624

   06

පී.එම්.විජේවර්ධන

21, කැකිරාව පාර, මහඉලුප්පල්ලම

077-4102056

   07

සී.එම්.පී.‍ ප්‍රොඩක්ට්ස් ප්‍රයිවෙට් ලිමිටඩ්

නිෂ්පාදනාගාරය- අංක 29, ද. සියඹලාගමුව නෑගම්පහ කාර්යාලය - 4/19,4 පටුගමපටුමග, කොළවත්ත, උදම්මිට, වේයන්ගොඩ

075-5486625 071 -8336498

   08

එම්.ඩී. ගුණසේකර

යහලේගම,නෙළුම්කුලම, අනුරාධපුර

071-8612017

   09

කේ.පී.චාමලී බුද්ධික ප්‍රියදර්ශනී.

බැකිච්චාව, සීප්පුකුලම

071-8106368

   10

තිලක රත්නගේ විජේරත්න

රෝහලපාර, පයිරිමඩුව, සිවලාකුලම

072-3227901

   11

ඒ.ජී.ආර්. රත්නවීර

කො.38, සාලිය මාවත, අනුරාධපුර

077-1170717

 

             (iii)      කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් 2012 වර්ෂයේදී කාබනික පොහොර පමණක් භාවිතා කර වී වගාව  සිදු කර නොමැත.

             (iv)      නැත. ඒ නිසා ඒ අවශ්‍යතාවය  පැන  නැඟුණේ නැත.දෙපාර්තමේන්තුවක් වශයෙන් අපි කාබනික පොහොර පමණක් නිර්දේශ කරන්නේ නැහැ. අපි කියන්නේ ඒ දෙකම  කවලම් කර  පාවිච්චි කරන්නය කියායි.

(v) අදාළ නොවේ.

  (vi) ඔව්.

(vii) ඔව්.

කාබනික පොහොර යොදා නිපදවන වී වර්ග මිලදී ගන්නා ස්ථානයන්වල විස්තර පහත දැක්වේ.

අනු අංකය

                          නම

               ලිපිනය

01.

ගුරුසිංහ පදනම

අංක 29/5, ප්‍රගති මාවත, හෝමාගම.

02.

මුරුතැන්ගේ කාබනික සුළු ගොවි සංවිධානය.

පහළ මුරුතැන්ගේ, වැවගම.

03.

හෙළ ගොවිතැන මව් සංවිධානය.

අංක 112, කහන්විට පාර, මාලබේ.

04

දේශීය බීජ හා කෘෂි සම්පත් සුරැකීමේ ගොවි සම්මේලනය.

අංක 10, ප්‍රගති මාවත, හෝමාගම.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2014-05-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks