01

E   |     |  

 දිනය: 2014-05-21   පිළිතුර ලබා දී ඇත 

3450/2014: උතුරු මැද පළාතේ පිහිටි කොට්ඨාස අධ්‍යාපන කාර්යාල : විස්තර

3450/’13

 

ගරු පී. හැරිසන් මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)       උතුරු මැද පළාතේ පිහිටි කොට්ඨාස අධ්‍යාපන කාර්යාල සංඛ්‍යාව කොපමණද;

             (ii)       එම එක් එක් කොට්ඨාස කාර්යාලයේ සේවය කරන ස්ථිර සේවක සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) (i) කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුරක් දැරීම සඳහා තිබිය යුතු අවම සුදුසුකම් කවරේද;

(ii) උතුරු මැද පළාතේ සිටින එම සුදුසුකම් සම්පූර්ණ කර ඇති නිලධාරීන් සංඛ්‍යාව කොපමණද;

(iii) ඉහත තනතුර සඳහා වැඩබලන පදනම යටතේ කොට්ඨාස අධ්‍යාපන කාර්යාලවල සේවය කිරීම සඳහා පත්කර ඇති නිලධාරීන් සංඛ්‍යාව කොපමණද;

(iv) වැඩබලන නිලධාරීන් පත්කිරීමේදී අනුගමනය කරනු ලැබූ ක්‍රියා පටිපාටිය කවරේද;

(v) කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුරක් පුරප්පාඩු වූ විට එය පිරවීම සඳහා අනුගමනය කළයුතු සම්මත ක්‍රියා පටිපාටිය කවරේද;

(vi) එම ක්‍රමවේදය ඉහත සඳහන් පත්වීම් ලබාදීමේදී අනුගමනය කර තිබේද;

(vii) එසේ නම්, අඩු සුදුසුකම් සහිත පුද්ගලයින් ඉහත තනතුරු සඳහා පත්වී ඇත්තේ කෙසේද;

(viii) ඉහත තනතුරු සඳහා පත්වූ නුසුදුසු පුද්ගලයින් එම තනතුරට හිමි දීමනා හා වියදම් ලබාගෙන ඇත්නම්, ඒවා ආපසු අයකර ගැනීමට කටයුතු කරන්නේද;

(ix) එම නුසුදුසු පුද්ගලයින්ට මුදල් ගෙවූ නිලධාරීන්ට එරෙහිව විනයානුකූල පියවර ගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-05-21

අසන ලද්දේ

ගරු පී. හැරිසන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      උතුරු මැද පළාතේ පිහිටි කොට්ඨාස අධ්‍යාපන කාර්යාල සංඛ්‍යාව 30යි.

              (ii)

කලාපය

කොට්ඨාසය

ශ්‍රේණිය

සංඛ්‍යාව

අනුරාධපුරය

නැ‍ඟෙනහිර නුවර ගම්පළාත

මධ්‍යම නුවර ගම්පළාත

රඹෑව

නොච්චියාගම

නාච්චාදූව

විලච්චිය

ශ්‍රී.ලං.අ.ප.සේ. III

විදුහල්පති සේවය

විදුහල්පති සේවය

විදුහල්පති සේවය

විදුහල්පති සේවය

විදුහල්පති සේවය

01

01

01

01

01

01

කැකිරාව

කැකිරාව

පලාගල

පලුගස්වැව

තිරප්පනේ

ඉපලෝගම

ශ්‍රී.ලං.අ.ප.සේ. III

විදුහල්පති සේවය

විදුහල්පති සේවය

--

විදුහල්පති සේවය

01

01

01

0

01

තඹුත්තේගම

තඹුත්තේගම

තලාව

ගල්නෑව

රාජාංගණය

විදුහල්පති සේවය

විදුහල්පති සේවය

ගුරු සේවය 1

--

01

01

01

0

ගලෙන්බිඳුණුවැව

ගලෙන්බිඳුණුවැව

මිහින්තලය

කහටගස්දිගිලිය

විදුහල්පති සේවය

--

විදුහල්පති සේවය

01

0

01

කැබිතිගොල්ලෑව

කැබිතිගොල්ලෑව හොරොව්පතාන

පදවිය

මැදවච්චිය

විදුහල්පති සේවය

ගුරු සේවය 1

විදුහල්පති සේවය

විදුහල්පති සේවය

01

01

01

01

පොළොන්නරුව

තමන්කඩුව

ලංකාපුර

ශ්‍රී.ලං.අ.ප.සේ. III

විදුහල්පති සේවය

01

01

හිඟුරක්ගොඩ

හිඟුරක්ගොඩ

මැදිරිගිරිය

ඇළහැර

විදුහල්පති සේවය

විදුහල්පති සේවය

ශ්‍රී.ලං.අ.ප.සේ. III

01

01

01

දිඹුලාගල

දිඹුලාගල

වැලිකන්ද

අරලගංවිල

විදුහල්පති සේවය

විදුහල්පති සේවය

ශ්‍රී.ලං.අ.ප.සේ. III

01

01

01

                                               එකතුව

27

                         අනෙකුත් සේවා අවශ්‍යතා කලාප කාර්යාලවල සේවය කරන නිලධාරින්ගෙන් ඉටු කර ගනු ලැබේ.

(ආ)         (i)      ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ II/III පන්තියේ නිලධාරියකු වීම.

              (ii)      ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ II පන්තියේ නිලධාරින් සංඛ්‍යාව 10යි.

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ III පන්තියේ නිලධාරින් සංඛ්‍යාව 55යි.

(iii) කොට්ඨාස අධ්‍යාපන කාර්යාවලවල රාජකාරි ආවරණය සඳහා පත්කර ඇති නිලධාරින් සංඛ්‍යාව 22කි.

(iv) ඒ ඒ පළාත් සභාව විසින්. ජ්‍යෙෂ්ඨතාව, පරිපාලන කටයුතු පිළිබඳ පළපුරුද්ද සැලකිල්ලට ගෙන විදුහල්පති ශ්‍රේණියේ සහ ගුරු ශ්‍රේණියේ I පන්තියේ නිලධාරින්ගෙන් අදාළ කොට්ඨාස අධ්‍යාපන කාර්යාලවල රාජකාරි ආවරණය සඳහා පත් කිරීම.

(v) සුදුසුකම්ලත් නිලධාරින්ගෙන් අයදුම්පත් කැඳවා පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව මඟින් පත්වීම් ලබා දීම.

(vi) පළාත් සභාව විසින් දක්වා එවා ඇති තොරතුරු අනුව එම තනතුර සඳහා සුදුසුකම් සහිත අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරින් නොමැති වීම නිසා කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුරුවල රාජකාරි ආවරණය සඳහා ඉහත සඳහන් පත්වීම් ලබා දී ඇත.

(vii) ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරින්ගේ ඌනතාවක් පවතින විට විදුහල්පති සේවයේ ශ්‍රේණිධාරින් හා ගුරු සේවයේ I පන්තියේ නිලධාරින් රාජකාරි ආවරණය සඳහා යොදා ගෙන තිබෙනවා. ඊට අදාළ දීමනා ගෙවා ඇත. මොකද, ඒ හැර වෙන විකල්පයක් නොමැති නිසා.

(viii) කිසිසේත්ම නැත.

අධ්‍යාපන පරිපාලන සේවයේ පුරප්පාඩු පවතින බැවින් සුදුසුකම් සහිත විදුහල්පති සේවයේ ශ්‍රේණිධාරින් හා ගුරු සේවයේ නිලධාරින් රාජකාරි ආවරණය සඳහා පත් කර ඊට අදාළ දීමනා ගෙවා ඇත. මොකද, ඔවුන් කර තිබෙන්නේ රාජකාරිය ආවරණය කිරීමක්. සුදුසුකම් ලැබූ ඉල්ලුම් පත්‍ර නැති අවස්ථාවලදී ඒ කලාපය පවත්වාගෙන යාම සඳහා කර තිබෙන දෙයක්.

(ix) අදාළ නොවේ.

(ඇ) අදාළ නොවේ. 

පිළිතුරු දුන් දිනය

2014-05-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks