පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3421/’13
ගරු බුද්ධික පතිරණ මහතා,— ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) සෘජු හා වක්‍ර නව රැකියා විශාල ප්‍රමාණයක් බිහි කරමින් සීඝ්‍ර වර්ධනයක් ලබන මෝටර් රථ කාර්මික ක්ෂේත්‍රය පිළිබඳ න්‍යායාත්මක පුහුණුවක් විද්‍යුත් මාධ්‍ය තුළින් ලබා දිය හැකි බවත්;
(ii) එම අංශයේ ප්‍රවර්ධනය සඳහා මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීම වැදගත් වන බවත්;
(iii) මේ වන විට මෝටර් රථ කාර්මික ක්ෂේත්‍රය පිළිබඳ විද්‍යුත් මාධ්‍ය තුළින් ප්‍රචාරය වන වැඩ සටහන් සංඛ්‍යාව ඉතා අල්ප බවත්;
එතුමා පිළිගන්නෙහිද?
(ආ) එසේ නම්, මෝටර් රථ කාර්මික ක්ෂේත්‍රයට අදාළ වැඩ සටහන් විද්‍යුත් නාලිකා තුළින් විකාශනය කිරීම සඳහා කාලය වෙන් කිරීමට කටයුතු කරන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-12-06
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) පිළිගනී.
(ii) පිළිගනී.
(iii) මේ වන විට මෝටර් රථ කාර්මික ක්ෂේත්‍රය පිළිබඳව විද්‍යුත් මාධ්‍ය තුළින් සැලකිය යුතු වැඩසටහන් ප්‍රමාණයක් විකාශනය වේ.
(ආ) ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශය ඉදිරි කාලයේදී මෙවැනි වැඩසටහන් සඳහා වැඩි විකාශන කාලයක් ලබා දීම සඳහා අවධානය යොමු කිරීමට මෙම නාලිකාවලින් ඉල්ලීමට අපේක්ෂා කරයි.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2013-12-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කෙහෙලිය රඹුක්වැල්ල මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks