01

E   |     |  

 දිනය: 2014-01-24   පිළිතුර ලබා දී ඇත 

3383/2014: ස්වාභාවික වන අලි සංරක්ෂණ මධ්‍යස්ථාන : විස්තර

3383/’12

 

ගරු පී. හැරිසන් මහතා,— වනජීවී සම්පත් සංරක්ෂණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)       ශ්‍රී ලංකාව තුළ ඇති කිරීමට අපේක්ෂිත ස්වභාවික වන අලි සංරක්ෂණ මධ්‍යස්ථාන සංඛ්‍යාව කොපමණද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ)     ඉහත සඳහන් එක් එක් මධ්‍යස්ථානයේ,

              (i)       නම, පිහිටීම, විශාලත්වය සහ ඉදිකිරීම සඳහා ඇස්ත‍මේන්තුගත මුදල වෙන් වෙන් වශයෙන් කවරේද;

(ii) අපේක්ෂිත කාර්ය භාරය කවරේද;

(iii) ඉදි කරනු ලබන විදුලි වැටවල්වල දුර ප්‍රමාණය හා ඒවා ඉදි කිරීම සඳහා  වෙන් කිරීමට අපේක්ෂිත මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iv) විදුලි වැටවල් නඩත්තුව සඳහා යෙදවීමට අපේක්ෂිත නිලධාරීන් සංඛ්‍යාව සහ ඒ සඳහා වැයවන මුදල කොපමණද;

(v) එක් මධ්‍යස්ථානයක සේවයේ යොදවනු ලබන මුළු නිලධාරීන් සංඛ්‍යාව‍ කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

‍(ඇ) හොරොව්පතාන වන අලි සංරක්ෂණ මධ්‍යස්ථානය තුළ,

(i) ඉදි කිරීමට නියමිත වැව් සංඛ්‍යාව හා ඒවා සඳහා ඇස්තමේන්තුගත මුදල කොපමණද;

(ii)  ඉදි කරන තණ පිට්ටනි සංඛ්‍යාව සහ ඒ සඳහා වෙන් කර ඇති මුදල කොපමණද;

(iii) අලි පුනරුත්ථාපනය කිරීමට අපේක්ෂිත කාලය කොපමණද;

(iv) පුනරුත්ථාපනය කරනු ලබන එම අලි මුදාහරින ප්‍රදේශ  කවරේද; 

(v) පුනරුත්ථාපනය කර මුදාහරින ලද අලි සම්බන්ධයෙන් පසු විපරමක් කරනු ලබන්නේ නම්, එය සිදු කරන ආකාරය කවරේද;

යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-01-24

අසන ලද්දේ

ගරු පී. හැරිසන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

වනජීවී සම්පත් සංරක්ෂණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)       04යි.

(ආ)      (i)     Table here

 

 

නම

දිස්ත්‍රික්කය

විශාලත්වය

හොරොව්පතාන ජාතික උද්‍යානය

අනුරාධපුරය

හෙක්ටයාර් 1000

ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානය

මොනරාගල

හෙක්ටයාර් 2500

මාදුරුඔය ජාතික උද්‍යානය

අම්පාර

මැනුම් කටයුතු කර නැත

ගල්ගමුව පාළුකඩවල

කුරුණෑගල

මැනුම් කටයුතු කර නැත

 

 

              (ii)        ජනතාවට පීඩාකාරී හා ප්‍රචණ්ඩව හැසිරෙන වන අලින් අල්ලා පුනරුත්ථාපනය කිරීම.

             (iii)      ඉදි කරනු ලබන විදුලි වැටවල්වල දුර ප්‍රමාණය හා ඒවා ඉදි කිරීම සඳහා වෙන් කිරීමට අපේක්ෂිත මුදල්.   Table here

(iv) විදුලි වැටවල් නඩත්තුව සඳහා යෙදවීමට අපේක්ෂිත නිලධාරින් සංඛ්‍යාව සහ ඒ සඳහා වැය වන මුදල කි.මී. 10කට ස්ථීර සේවකයින් 3 දෙනෙකු බැගින් යෙදවීමට සැලසුම් කර ඇත.

(v) අවම වශයෙන් නිලධාරින් 9කි. අවශ්‍යතාව අනුව වැඩි කිරීමට අපේක්ෂිතය.

(ඇ) (i) හොරොව්පතාන වන අලි සංරක්ෂණ මධ්‍යස්ථානය තුළ දැනට වැව් 03ක් ඉදි කර ඇත.

* පහේකණුව වැව - රු. 4,911,426.00 (හතළිස් නවලක්ෂ ‍එකොළොස් දහස් හාරසිය විසි හයයි)

* පුලියම්කුලම වැව - රු. 5,232,098.00 (පනස්දෙලක්ෂ තිස්දෙදහස් අනූ අටයි)

* සියඹලගස් වැව - රු. 1,309,413.00 (දහතුන් ලක්ෂ නවදහස් හාරසිය දහතුනයි)

(ii) හෙක්ටයාර් 500ක තණ බිම් ඉදි කරනු ලැබේ. ඒ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 5යි.

 

නම

පිහිටීම

කි.මි.

මිලියන ගණන

හොරොව්පතාන ජාතික උද්‍යානය

අනුරාධපුරය

14.8

200

ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානය

මොනරාගල

35

425

මාදුරුඔය ජාතික උද්‍යානය

අම්පාර

නැත

ඇස්තමේන්තු කර නැත

ගල්ගමුව පාළුකඩවල

කුරුණෑගල

නැත

ඇස්තමේන්තු කර නැත

(iii) හොරොව්පතාන අලි සංරක්ෂණ මධ්‍යස්ථානය           ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට පිහිටුවන මධ්‍යස්ථානයකි. මෙම සංරක්ෂණ මධ්‍යස්ථානයට අලින් පරිස්ථාපනය (relocation) කිරීමෙන් පසුව එම පර්යේෂණ අත් දැකීම් මත කාල සීමාව සැලසුම් කිරීමට කටයුතු කරනු ලැබේ.

(iv) සංරක්ෂණ මධ්‍යස්ථාන තුළ පරිස්ථාපනය (relocation) කරන ලද අලින්ගේ චර්යා රටාවන් අධ්‍යනය කිරීමෙන් අනතුරුව ඔවුන් සංරක්ෂිත වනාන්තරවලට නිදහස් කිරීම සම්බන්ධයෙන් පසු විපරම් කර තීරණය කරනු ඇත.

(v) මෙම සංරක්ෂණ මධ්‍යස්ථානයට අලින් පරිස්ථාපනය (relocation) කිරීමෙන් පසුව එම පර්යේෂණ අත් දැකීම් හා චර්යා රටාවන් අනුව පසු විපරම් කිරීමට කටයුතු කරනු ලැබේ.

(ඈ) අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2014-06-04

විසින් පිළිතුරු දෙන ලදී

ගරු විජිත් විජයමුණි සොයිසා මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks