පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3373/’12
ගරු පී. හැරිසන් මහතා,— පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) උතුරු මැද පළාත් සභාව මගින් අනුරාධපුර නව නගරයේ බස් නැවතුම්පළක් ඉදිකරමින් තිබේද;
(ii) එසේ නම්, එහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කළ දිනය කවරේද;
(iii) මෙම ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ලබා දීමේදී විවෘත ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කළේද;
(iv) ඒ සඳහා ටෙන්ඩර් ඉදිරිපත් කළ සමාගම් සංඛ්‍යාව කොපමණද;
(v) එම සමාගම්වල නම් කවරේද;
(vi) එම කොන්ත්‍රාත්තුව ලබා දීමේදී සමාගම්වල හැකියාව සලකා තිබේද;
(vii) එම කොන්ත්‍රාත්තුව සඳහා අනුමත මුදල කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) 2012.11.30 දිනට එම බස් නැවතුම්පළේ ඉදිකිරීම් අවසන්ව තිබූ ප්‍රමාණය කොපමණද;
(ii) ඒ සඳහා කොන්ත්‍රාත් සමාගමට ගෙවා ඇති මුදල කොපමණද;
(iii) එම බස් නැවතුම්පළ ඉදි කර ආපසු භාර දිය යුතු දිනයක් එම සමාගමට දන්වා තිබුනේද;
(iv) ගිවිසුම්ගත කාලය අනුව වැඩ නිම කර නොමැති නම්, කල්පසුවීම වෙනුවෙන් මුදල් අය කර ගන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුගේ ප්‍රමාදය නිසා මහජනතාවට සිදුවන අවහිරතාව ගැන දන්නේද;
(ii) එසේ නම්, ඊට අදාළව දැනට ගෙන ඇති පියවර කවරේද;
(iii) බස් නැවතුම්පළේ ඉදිකිරීම් නිම කරන දිනය කවරේද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-11-28
අසන ලද්දේ
ගරු පී. හැරිසන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
පළාත් පාලන හා පළාත් සභා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) ඔව්. පළමු අදියර අවසන් කර ඇත.
(ii) 2006.12.27
(iii) ඔව්. උපදේශාත්මක සේවා සඳහා 2005.05.23 දින පුවත් පත්වලත්/ ඉදි කිරීම් කටයුතු සඳහා 2006.12.02 දින පුවත් පත්වලත් දැන්වීම් පළ කර ඇත.
(iv) 04යි.
(v) 01. සිරිදන්ත කන්ස්ට්‍රක්ෂන් වර්ක්ස්, අංක 1056, 11 පියවර, අනුරාධපුර.
02. ඔරියන්ට් කන්ස්ට්‍රක්ෂන් කම්පැනි (පෞද්ගලික) සමාගම, අංක 881/ඒ, නව නගරය, පොළොන්නරුව.
03. අනුර ඒකනායක ඉංජිනියරින් ඇන්ඩ් කන්ස්ට්‍රක්ෂන් කොම්පැනි, ඉදි කිරීම් සමාගම, අංක 66, නානුඔය, කිරිබත් කුඹුර, නුවර.
04. ඩබ්ලිව්.එම්.බී.කන්ට්‍රැක්ටරීස් ඇන්ඩ් ට්‍රාන්ස්පෝටර්ස්, අංක 3057, iii පියවර, අනුරාධපුර.
(vi) ඔව්. තාක්ෂණ ඇගයීම් කමිටුව මඟින් තාක්ෂණ ඇගයීම් වාර්තාවක් ලබාගෙන තිබේ.
(vii) රුපියල් මිලියන 86
(ආ) (i) ඉදි කිරීම් පළමු පියවරේ කටයුතු අවසන් කර ඇත.
(ii) රුපියල් 85,016,104.00
(iii) ඔව්.
(iv) පළමු අදියර, ගිවිසුම්ගත වැඩ කොටස නියමිත කාලය තුළදී නිම කර ඇත.
(ඇ) (i) ඔව්. කොන්ත්‍රාත්කරුගේ ප්‍රමාදයක් නොව මේ සඳහා ප්‍රමාණවත් පරිදි ප්‍රතිපාදන වෙන් නොවීම මීට හේතුව වී ඇත.
(ii) පළමු අදියර නිම කර ඇත. එමෙන්ම බස් නැවතුම් පොළෙහි අභ්‍යන්තර මාර්ග පද්ධතිය මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රතිපාදනයන්ගෙන් කාපට් ඇතිරීමට සැලසුම් කර ඇති අතර, මෙහි වැඩ 2013 නොවැම්බර් මස ආරම්භ කිරීමට ද කටයුතු කර ඇත. පළමු අදියර 2014 ජනවාරි මාසය තුළ ජනතාවට විවෘත කිරීමට සැලසුම් කර ඇත. ඉතිරි අදියරයන් සඳහා ප්‍රතිපාදන ලබා ගැනීමට ඉල්ලුම් කර තිබේ.
(iii) ඉල්ලා ඇති අරමුදල් ලද විගස ඉතිරි වැඩ කොටස් කඩිනමින් නිම කරවාගත හැක.
(ඈ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2014-09-03
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ඉන්දික බණ්ඩාරනායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks