පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3372/’12
ගරු පී. හැරිසන් මහතා,— පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) උතුරු මැද පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකුට ලැබෙන විමධ්‍යගත මුදල කොපමණද;
(ii) එම මුදල් වැය කළ යුතු සංවර්ධන කටයුතු කවරේද යන්න චක්‍රලේඛයක් මගින් දන්වා තිබේද;
(iii) එසේ නම්, එම කටයුතු කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) විමධ්‍යගත අරමුදලින් ලැබෙන මුදල්,
(i) අදාළ සමිති සමාගම් හෝ පුද්ගලයින් වෙත නිසි පරිදි නොලැබෙන බවත්;
(ii) සමහර පළාත් සභා මන්ත්‍රීවරුන් තමන්ගේ පුද්ගලික කටයුතු සඳහා යොදා ගන්නා බවත්;
(iii) වියදම් කිරීමේදී සමහර පළාත් සභා මන්ත්‍රීවරුන් නිලධාරීන්ගේ සහාය ඇතිව වංචා සිදු කරන බවත්;
එතුමා දන්නෙහිද?
(ඇ) (i) පළාත් සභා විමධ්‍යගත මුදල් ලබාදීමේදී අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මැදිහත්වීමක් සිදු කරන්නේද;
(ii) නොඑසේ නම්, ඊට හේතු කවරේද;
(iii) ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා එම කටයුත්ත සිදු කරන්නේ නම්, පළාත් සභාව විසින් ඒ පිළිබඳව පසු විපරමක් කරන්නේද;
(iv) නොඑසේ නම්, එයට හේතු කවරේද;
(v) විමධ්‍යගත මුදල් වැය කිරීම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අධීක්ෂණය යටතේ ක්‍රමවත්ව සිදු කරන්නේද;
(vi) එසේ නම්, එහි ප්‍රගතිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට ඉදිරිපත් කිරීමට කටයුතු කරන්නේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-11-28
අසන ලද්දේ
ගරු පී. හැරිසන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
පළාත් පාලන හා පළාත් සභා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) වර්ෂයකට රුපියල් 2,000,000.00
(ii) ඔව්.
(iii) 01. ස්වයං රැකියා ස්ථාපනය.
02. ආර්ථික යටිතල පහසුකම් සංවර්ධනය.
03. සමාජ යටිතල පහසුකම් සංවර්ධනය.
04. වාරිමාර්ග හා කෘෂි සංවර්ධනය.
05. සංස්කෘතික හා ක්‍රීඩා සංවර්ධනය.
(ආ) ප්‍රශ්න අංක (i), (ii), (iii) - එවැනි දෙයක් සිදු වී ඇති බව මේ දක්වා වාර්තා වී නොමැත.
(ඇ) (i) ඔව්.
(ii) පැන නොනඟී.
(iii) ඔව්.
(iv) පැන නොනඟී.
(v) ඔව්.
(vi) ඔව්.
(ඈ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2014-09-03
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ඉන්දික බණ්ඩාරනායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks