01

E   |     |  

 දිනය: 2013-12-04   පිළිතුර ලබා දී ඇත 

3364/2013: සීමාසහිත ලංකා පොස්පේට් සමාගම: අලුත් පොහොර සැකසුම් යන්ත්‍රය

3364/’12

 

ගරු පී. හැරිසන් මහතා,— රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)      සීමාසහිත ලංකා පොස්පේට් සමාගම විසින් 2010, 2011 සහ 2012 වර්ෂවලදී නිපදවූ එප්පාවල රොක් පොස්පේට් පොහොර ප්‍රමාණය වාර්ෂිකව, වෙන් වෙන් වශයෙන් කොපමණද;

  (ii)  ‍පොස්පේට් සමාගම සතු පොහොර නිෂ්පාදන යන්ත්‍ර  සංඛ්‍යාව කොපමණද;

  (iii)  පොස්පේට් සඳහා වන දේශීය වාර්ෂික අවශ්‍යතාව මෙට්‍රික් ටොන් කොපමණද;

  (iv)  පොස්පේට් සමාගමේ වාර්ෂික නිෂ්පාදනවල අතිරික්තයක් තිබේද;

  (v)  එසේ නම්, එම අතිරික්තය මෙට්‍රික් ටොන් කොපමණද;

  (vi)  දේශීය අවශ්‍යතාව සපුරාලීමට ප්‍රමාණවත් නිෂ්පාදන හැකියාවක් තිබියදීත්, එම සමාගමට අලුතින් පොහොර සැකසුම් යන්ත්‍රයක් මිලදී ගැනීමේ අවශ්‍යතාවයක් ඇති වීමට හේතුව කුමක්ද;

  (vii)  එම නව යන්ත්‍රය මිලදීගැනීමේදී ටෙන්ඩර් පටිපාටි අනුගමනය කර තිබේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ)  ඉහත සඳහන් යන්ත්‍රය,

  (i)  ඇණවුම් කළ ක්‍රමවේදය කවරේද;

           (ii)       මිලදී ගැනීමට වැය කළ මුදල කොපමණද;

   (iii)  ඇණවුම් කිරීම සඳහා නිලධාරීන් චීනයට යනවිටත් එම යන්ත්‍රය ශ්‍රී ලංකාවේ  වරායට ගෙන්වා තිබූ බව දන්නේද;

  (iv)  මේ වන විට එම යන්ත්‍රය මගින් නිෂ්පාදනය කරනු ලබන පොහොර මෙට්‍රික් ටොන් ප්‍රමාණය  කොපමණද;

  (v)  එම යන්ත්‍රය සවි කළ ගොඩනැගිල්ල ඉදි කිරීමට වැය කළ මුදල කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ )  නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-12-04

අසන ලද්දේ

ගරු පී. හැරිසන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය සම්පත් සහ ව්‍යවසාය සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      අදාළ තොරතුරු පහත දැක්වේ.

 

වර්ෂය

එප්පාවල රොක් පොස්පේට් නිෂ්පාදනය (මෙ.ටො.)

අධිශ්‍රේණියේ රොක් පොස්පේට් නිෂ්පාදනය (මෙ.ටො.)

2010

42,104

4,205

2011

49,466

9,059

2012

41,398

6,160

             (ii)       පොහොර නිෂ්පාදන යන්ත්‍ර සංඛ්‍යාව 4කි.

             (iii)      මෙ.ටො. 80,000කි.

             (iv)      නැත.

              (v)      ඉහත (iv) පිළිතුර අනුව පැන නොනඟී.

             (vi)      ‍දේශීය අවශ්‍යතාව සපුරා ගැනීමට ප්‍රමාණවත් නිෂ්පාදන හැකියාවක් පවතින යන්ත්‍රවලට නොතිබූ බැවින්, අලුතින් පොහොර සැකසුම් යන්ත්‍රයක් මිලදී ගැනීම සිදු කර ඇත. අනෙකුත් යන්ත්‍ර 1979 දී පමණ සවි කළ ඒවා වන අතර ඒවා‍යේ විදුලි පරිභෝජනය අධික වීම, කාර්යක්ෂමතාව අඩුවීම හා නඩත්තු කිරීමේ වියදම් අධික වීමද අලුත් යන්ත්‍රයක් මිල දී ගැනීම සඳහා යොමු වීමට බලපෑ හේතු වේ. එසේම, "අපි වවමු - රට නඟමු" වැඩසටහනට අනුව සහ විශේෂයෙන් උතුරු නැ‍ඟෙනහිර කෘෂිකාර්මික සංවර්ධන වැඩසටහන නිසා, පොහොර සඳහා ඉල්ලුම විශාල වශයෙන් වැඩි වෙමින් පවතී. ඒ සඳහා පවතින ඇඹරුම් යන්ත්‍රද ප්‍රමාණවත් නොවන අතර එම ඉල්ලුම් සපුරා ගැනීමට නව ඇඹරුම් යන්ත්‍ර ලබා ගැනීමේ අවශ්‍යතාවක්ද පැන නැඟී ඇත.

(vii) ඔව්.

(ආ) (i) අමාත්‍යාංශ ප්‍රසම්පාදන කමිටු අනුමැතිය ඇතිව ඇණවුම් කර ඇත.

(ii)  රුපියල් මිලියන 56.6කි.

(iii) ඇණවුම් කිරීම සඳහා නිලධාරින් චීනයට ගොස් නැත. ඔවුන් චීනයට ගොස් ඇත්තේ එවැනි ඇඹරුම් යන්ත්‍රයක ක්‍රියාකාරිත්වය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම පිණිසයි.

(iv) මෙ.ටො. 2,022කි.

(v) රුපියල් මිලියන 22.7කි.

(ඇ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2013-12-04

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks