01

E   |     |  

 දිනය: 2013-10-24   පිළිතුර ලබා දී ඇත 

3361/2013: ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට අයත් ආයතන : වාහන

3361/’12

ගරු පී. හැරිසන් මහතා,— ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

 (අ)         (i)      ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට අයත් ආයතන සංඛ්‍යාව කොපමණද;

             (ii)      එම එක් එක් ආයතනය යටතේ ඇති රජයේ වාහන සංඛ්‍යාව කොපමණද;

(iii) එම ආයතනවල රජයේ වාහන ලබාදී ඇති නිලධාරීන් අයත්  ‍ශ්‍රේණි කවරේද;

(iv) එම නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ඇති වාහන සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

 

(ආ) (i) උක්ත අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල ඇති කුලී පදනම මත ලබාගත් වාහන සංඛ්‍යාව කොපමණද;

  (ii) එම වාහනවලට ගෙවීම් කරන ආකාරය කවරේද;

(iii) එම වාහන වෙනුවෙන් වාර්ෂිකව ගෙවන මුළු මුදල කොපමණද;

(iv) කුලී පදනම මත ලබාගත් වාහන පරිහරණය කරනු ලබන නිලධාරීන් කවුරුන්ද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) ඉහත අමාත්‍යාංශය යටතේ ඇති රජයේ වාහන, කුලී පදනම මත ලබාගත් වාහන සහ නිලධාරීන්ගේ පුද්ගලික වාහන වෙන්කර හඳුනාගැනීමේ ක්‍රමවේදයක් තිබේද;

(ii) එසේ නම්, ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්නේද;

(iii) අමාත්‍යාංශය හා ඒ යටතේ ඇති ආයතනවලට අයත් රජයේ වාහනවල රාජ්‍ය ලාංඡනය සමඟ අදාළ ආයතනයේ නම සඳහන් කර තිබේද;

(iv) නොඑසේ නම්, එයට හේතු කවරේද;

යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-10-24

අසන ලද්දේ

ගරු පී. හැරිසන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ආර්ථික සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු සුසන්ත පුංචිනිලමේ මහතා (ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යතුමා)

(மாண்புமிகு சுசந்த புஞ்சிநிலமே - பொருளாதார அபிவிருத்தி பிரதி அமைச்சர்)

(The Hon. Susantha Punchinilame - Deputy Minister of Economic Development)

ගරු කථානායකතුමනි, මම ආර්ථික සංවර්ධන අමාත්‍යතුමා වෙනුවෙන් ඒ ප්‍රශ්නයට පිළිතුර දෙනවා.

(අ)          (i)       ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සතු ආයතන සංඛ්‍යාව - 11කි.

 

පිළිතුරු දුන් දිනය

2013-10-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු සුසන්ත පුංචිනිලමේ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks